මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික ස්ථානවල දේශපාලන ප්‍රවර්ධන කටයුතු තහනම් - මැතිවරණ කොමසමේ සභාපති

    මාර්තු 03, 2020

    පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කොට ඇති කාලය තුළ ආගමික ස්ථානවල දේශපාලන රැස්විම් පැවැත්වීමට හා ආගමික උත්සවවල දී ඡන්ද අපේක්ෂකයින් වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු කිරීම සම්පුර්ණයෙන් ම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

     

    1981 පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වැනි වගන්තියේ දැක්වෙන අයුතු බලපැම් යන ඡේදය යටතේ මෙම කටයුතු තහනම් වන බව ඒ මහතා පැවසුවේ අද (03) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

    ආගමික ස්ථානවල පැවැත්වෙන ආශීර්වාද පූජාවන් ,යාඥාවන්හා දේව මෙහෙයන් හිදී දේශපාලන ප්‍රවර්ධන කටයුතු තහනම් වුවද,භික්ෂුන් වහන්සේලාට,පූජකවරැන්ට,මව්ලවිවරුන්ට හා කුරුක්කල් වරැන්ට දේශපාලන අයිතිය තිබෙන බැවින් දේශපාලන කටයුතුවල යෙදීමට ඔවුන්ට බාධාවක් නැති බවද දේශප්‍රිය මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya