මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය කපිල ජයරත්න ජාත්‍යන්තර උපත් අබාධ සමුළුවේ සභාපතිත්වයට

    පෙබරවාරි 29, 2020

    සෞඛ්‍ය අමාත්‍යංශයේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, මාතෘ සහ ළමා රෝග සහ මරණ පිළිබඳ ජාතික වැඩසටහන් කළමණාකරු, ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා 9 වන සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සභාපති ලෙස පසුගියදා පත්විය.

     

    දරුවන්ගේ උපත් ආබාධ වලක්වා ගැනීම, එබඳු දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සහ ඔවුනට ගුණාත්මක ජිවිතයක් ගත කිරීමට කළ හැකි දේ පිළිබඳව අඩු අදායම් රටවල ඇති හැකියාව වැඩි දියුණු කිරීමට වූ අවශ්‍යතාවය හඳුනාගනිමින් මෙම සමුළුව සෑම වසර දෙකකටම වරක් පැවැත්වේ. මෙය උපත් ආබාධ පිළිබඳ එකම ජාත්‍යන්තර සමුළුවයි. ලෝකය පුරා රටවල් 36 කින් විවිධ තරාතිරමේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 350 ක් පමණ පුද්ගලයින් ගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පවත්වනු ලැබීය.

    ගම්පහ ගෝතමී විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී සිසුවකු වන වෛද්‍ය කපිල ජයරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පසුගිය වසරේ ලේකම් ධුරය දැරීය. උපත් ආබාධ ආවේක්ෂණය සහ එම ආබාධ වැළක්වීම සඳහා ක්‍රම වේද ක්‍රියත්මක කිරීම සම්බන්ධීකරණය කිරීමටද ඒ මහතා කටයුතු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya