අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය 2019- සමාජ මාධ්‍ය අවභාවිතා කරන්නන් පිළිබඳ පැමිණිලි 500 ක් - සමාජ මාධ්‍ය ගිණුමේ ආරක්ෂාව පිළිබඳ දැනුවත් වී සිටින්න

    නොවැම්බර් 05, 2019

    ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය අවභාවිතා කරන්නන් පිළිබඳ පැමිණිලි 500 ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටිගේ මහතා පවසයි.

    එළඹෙන 2019 ජනාධිපතිවරණයේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ දිනෙන් දින ඉහළ යන අවභාවිතාවයන් පිළිබඳ වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් හඳුන්වා දුන් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊ-මේල් ලිපිනයට මේ වන විට පැමිණිලි 500 ක් පමණ ලැබී ඇති බව වම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටිගේ මහතා අද (05) දින CSR පරිශ්‍රයේ දී ජනාධිපතිවරණය සහ සමාජ මාධ්‍යවල හැසිරීම පිළිබඳව පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේය.

    ජනාධිපතිවරණයට සම්බන්ධව යම් අකටයුත්තක් සිදු වේ නම් ඒ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව මෙහි දී ඒ මහතා සඳහන් කරන ලදී.

    එමෙන්ම, මුහුණුපොත (Facebook) මඟින් මෙලෙස අවභාවිතාවයන් වැඩි වශයෙන් සිදුවන බව ඔවුන්ගේ නිරීක්ෂණයට හසු වී තිබෙන බවත්, යූ-ටියුබ්, ඉන්ස්ට්‍රග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය හරහා ද එලෙස යම් ප්‍රවණතාවක් පවතින බවත් මෙහි දී සඳහන් විය.

    එමන්ම, මේ දිනවල හුවමාරු කරගන්නා පණිවිඩ, විවිධ පොස්ට් ආදිය නිරන්තර නිරීක්ෂණයට ලක් වන බැවින් අසත්‍ය හෝ වෛරී සහගත ලෙස දැන්වීම් පල කිරීමෙන් වැළකි සිටින ලෙසත්, ව්‍යාජ වෙබ් අඩවි මඟින් මිනිසුන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමට කටයුතු කිරීමට තැත් කිරීමක් ද නිරීක්ෂණයට ලක්ව ඇති බවත්, ඒ අනුව තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල ආරක්ෂාව පිළිබඳ දැනුවත් වී සිටින ලෙස ද සභාපතිවරයා මෙහි දී අවධාරණය කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya