මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයේ නීති උල්ලංඝණය කිරීම් නිරීක්ෂණයට ශ්‍රී ලංකා පොලිසිය සියුම් කැමරා යොදාගනී

    නොවැම්බර් 04, 2019

    ජනාධිපතිවරණයේ නීති උල්ලංඝණය කිරීම් නිරීක්ෂණය කිරීම හා වීඩියෝගත කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සියුම් කැමරා යොදාගනී.

    ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් නිරීක්ෂණය කිරීම, වීඩියෝගත කිරීම සඳහා ඉතා කුඩා කැමරා යොදාගැනීමට නියමිතව තිබේ. ඒ බව අද (04) ශ්‍රී ලංකා පොලිස් මුලස්ථානයේ දී පැවති විශේෂිත මාධ්‍ය හමුවේ දී මැතිවරණ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස් අධිකාරී අශෝක ධර්මසිරි මහතා පවසනු ලැබීය.


    ඒ අනුව මෙම වීඩියෝ කැමරා 71 ක් හා පොලිස් නිලධාරීන්ට පැළඳීමට විශේෂිත වූ කබා (Jackets) 321 ක් ශ්‍රී ලංකා පොලිසියට මේ වන විට ලැබී ඇත. පැෆරල් සංවිධානයත්, CMEV සංවිධානයත් මඟින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු
    කිරීම සඳහා මෙම කැමරා සහ විශේෂිත වූ කබා (Jackets) පොලීසියට ලබා දී තිබේ. මෙම වීඩියෝ කැමරා පරිහරණය කරන අන්දම සහ ඊට අවශ්‍ය තාක්‍ෂණික දැනුම එළැඹෙන බදාදා දින දිවයිනේ
    සෑම පොලිස් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තෝරාගත් පොලිස් නිළධාරින් වෙත විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට ද නියමිතයි. ඒ අනුව, දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයකටම මෙම කැමරා සහ විශේෂිත වූ කබා (Jackets) නිකුත් කිරීමට නියමිත බව මෙහි දී සඳහන් කෙරිණි.
    ජනාධිපතිවරණයෙන් අනතුරුව මෙම වීඩියෝ කැමරා අපරාද විමර්ශන කටයුතු සඳහා සහාය ලබා ගැනීමටත්, නීති විරෝධීව පවත්වනු ලබන උද්ඝෝෂණ ආදිය නිරීක්ෂණය සහ වීඩියෝ කිරීමටත්, අධිකරණ ක්‍රියාවලියට අවශ්‍ය කටයුතු සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වන බව මෙහි දී වැඩිදුරටත් සඳහන් විය.


    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද මෙම මාධ්‍ය හමුව සඳහා එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya