මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය මාර්ගයේ අලි ගැටීම් සිදුවන ස්ථාන නිරීක්ෂණය කිරීම ආරම්භ කෙරේ

    ඔක්තෝබර් 11, 2018

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දුම්රියේ අලි ගැටීම් වැළැක්වීම සඳහා 2018.09.28 වන දින පත් කරන ලද කමිටුව මගින්, දුම්රිය මාර්ගය අසළ අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට, ප්‍රධාන සැළැස්මක් සැකසීමට 14 දෙනෙකුගෙන් යුතු නිරීක්ෂණ කණ්ඩායමක් (අද) 11 වන දින සිට උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ කටයුතු වල නියැලෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.

     

    ඒ අනුව වන ජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ අධ්‍යක්ෂ ආර්.ඒ.සුමනසේන මහතාගේ නායකත්වයෙන් හා දුම්රියේ අලි ගැටීම් වැළැක්වීමේ ව්‍යාපෘතියේ ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා ඇතුලු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම නිරීක්ෂණ කටයුතු වල නියලෙයි.


    මොවුන් ඔක්තෝම්බර් 11 වන දින සිට 14 වෙනි දින දක්වා දින 04 ක් දිනපතා මහව හන්දියේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ යන උතුරු හා නැගෙනහිර දුම්රිය මාර්ග වල මෙම නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.


    මෙම නිරීක්ෂණ කටයුතු වලින් අනතුරුව දුම්රිය අලී ගැටීම් වැළැක්වීම සඳහා ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රධාන සැළැස්මක් සැකසීම විද්වත් කමිටුවක් විසින් දින 05 ක් ඇතුලත සිදු කිරීමට නියමිත අතර, එම කමිටු වාර්තාව සහ සැළැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ඇස්තමේන්තුවද ඔක්තෝම්බර් මස 25 වන දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට භාරදීමට නියමිතව ඇත. ඒ අනුව තමා විසින් එම වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන මේ මස අවසන් වීමට පෙර එම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට ඉලක්ක කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.


    මසක පමණ කෙටි කාලයක් ඇතුලත අලි ඇතුන් 12 දෙනෙකු පමන මෙම දුම්රිය වල ගැටීම් හේතුවෙන් මියගොස් ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා, මෙය ජාතික අපරාධයක් බවත්, මෙය කිසිම කෙනෙකුගේ වරදක් ලෙසට කිසිවකුට තමා ඇගිල්ල දික් නොකරන බවත් එම ජාතික ව්‍යසනය වැළැක්වීම අප සියලු දෙනාගේ වගකීම බවත් ප්‍රකාශ කළේය. එනිසා මෙම කර්තව්‍යට සියලු දෙනාගේ සහය ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya