නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදර්ශ කෘෂිකාර්මික ගම්මානය - කහත්තේවල ගම්මානය භූගෝලීය තොරතුරු පද්ධතියට (GPS) එක් වේ

    ජූලි 21, 2018

    කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන කෘෂි ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල යටතේ ප්‍රථම ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල සංවර්ධනය කිරීමේ වැඩකටයුතු  අද 21 දින ආරම්භ කිරීමට නියමිත ය.

    කහත්තේවෙල ගම්මානයේ කෘෂිකාර්මික කටයුතු උදෙසා GPS තාක්ෂණය යොදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව එකඟ වී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ඉල්ලීම පරිදි කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘතිය (Agro Village Entrepreneurship Development Project) මඟින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා GPS තාක්ෂණය යොදාගන්නා මෙරට ප්‍රථම ගම්මානය කහත්තේවෙල ගම්මානය වේ.

    නාවික හමුදාපති කොමදෝරු සිරිමෙවන් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මේ වන විට කහත්තේවෙල ගොවි පවුල් 208 ක සියලු තොරතුරු මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන පිළිබඳ තොරතුරු, ප්‍රදේශයේ ජෛව විවිධත්වය, පස, පසෙහි රසායනික තත්ත්වය, ක්ෂුද්‍ර පෝෂක ද්‍රව්‍ය, පානීය ජලය හා ජල මූලාශ පිළිබඳ තොරතුරු, දේශගුණික වෙනස්කම් ඇතුළු එම ගම්මානයේ සියලුම තොරතුරු භූගෝලීය තොරතුරු පද්ධතියට ඇතුළත් කර තිබේ. ඒ අනුව විධිමත් වගා සැලැස්මක් යටතේ කහත්තේවෙල වගා කටයුතු සිදුවන අතර එම කටයුතු කහත්තේවෙල ජනතා ගොවි සමාගමක් මඟින් සිදු කිරීමට සැලසුම් කර ඇත.

    මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් (18) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙම තොරතුරු පද්ධතිය සෙසු ප්‍රදේශවලට ද ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගතයුතු බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා ලබාදෙන සහයෝගය අමාත්‍යවරයා අතිශයින් අගය කළේ ය.

    එම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් බී.විජයරත්න සහ කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘතියේ අතිරේක ලේකම් නිමල්කා ඩයස් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya