නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගැටලු විසඳීමට ඇමතුම් මධ්‍යස්ථානයක්,ඍජු දුරකතන අංකයක්

    ජූලි 21, 2018

    2018 වසර අවසාන වන විට ව්‍යවසායකන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහනට අදාළ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දීම සඳහා ඇමැතුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    තමන්ට ඇති ගැටලු ඍජු ඇමතුම් අංකයක් අමතා විසඳා ගැනීමට මෙමගින් ව්‍යවසායකත්වය වෙත පිවිසීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට හිමි වනු ඇත. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්නාරම මහජන බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මීට අමතරව මන්නාරම ලංකා බැංකු ශාඛාවේ සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කිරීම ද ඊයේ (20) සිදු කෙරිණි.

    මේ අතර රුපියල් මිලියන 80,000ක වියදමින් දිවයිනේ සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකම ක්‍රියාත්මක ගම්පෙරළිය වැඩසටහනේ මන්නාරම දිස්ත්‍රික් වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1000කි.

    මීට අමතරව මන්නාරම නව ප්‍රධාන බස් නැවතුම් පොළ සඳහා මුල් ගල තැබීම අද සිදු කෙරිණ. මෙම අවස්ථාවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya