පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී මෙම ජල ව්‍යාපාතියේ ඉදි කිරිම් ආරම්භ වු අතර 2019 දෙසැම්බරයේදී එය විවෘත කිරිමට හැකි වනු ඇතැයි ගලිගමුව පානිය ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ කළමණාකාර ඉංජිනේරු ලලිත් විජේසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසිය.
ගලිගමුවේ එදල්ල වතු යාය ආසන්නයෙන් ගලා යන මා ඔයට යාබදව මෙහි ජලාශය ඉදිකෙරේ.එම ජලාශයෙන් නිකුත් කෙරෙන ජලය හෙළමඩ ප්‍රදේශයේ ඉදි කෙරෙන ඝනමීටර් 9000ක ධාරිතාවයකින් යුත් ජලපවිත්‍රාගාරය මඟින් පිරිපහදු කෙරෙන බවත්, එම ජලය, ජලටැංකි 3ක් මඟින් බෙදා හැරීමට කටයුතු යොදැ ඇති බවත්, විජේසිංහ මහතා කීය.
මේ අනුව මෙම ජලය බෙදා හැරීම සඳහා ඝනමීටර් 420 බැඟින් වු ධාරිතාවයකින් යුත් ටැංකි 2ක් වේරගොඩ හා කොබ්බෙවෙල ඉදි කෙරෙනු ඇත.නාරංගොඩ ඉදිකෙරෙන ටැංකියේ ධාරිතාව ඝනමීටර් 225කි.
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය මඟින් ඉදිකෙරෙන මෙම ගලිගමුව නාගරික ජල සම්පාදන ව්‍යාපාතියේ මඟින් ග්‍රාම නිලධාරි කොට්ඨාස 29 කට අයත් ගම්වල පවුල් 12000 කට පමණ පිරිසිදු පානීය ජලය සැපයෙනු ඇතැයි ද ව්‍යාපෘති කළමණාකාර වරයා තවදුරටත් පැවැසීය.
මෙම ව්‍යාපෘතිය යටතේ ජලය සැපැයීමට බලාපොරොත්තු වන ගම්වල ජනතාවට ව‍්‍යාපාතිය පිළිබඳ අවබෝධයක් ලබා දි ඔවුන්ගේ සහයෝගය මෙයට ලබා ගැනීම සඳහා සෑම ගමකම ජල පාරිභෝගික සමිති ද පිහිටුවා තිබේ.