නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාබනික වගාවේ යෙදෙන ගොවීන්ට පොහොර වෙනුවට මුදල් ප්‍රතිපාදන

    ජූලි 20, 2018
    වස විසෙන් තොර කාබනික ගොවිතැන ශක්තිමත් කිරීම රජයේ මූලික අරමුණ වී ඇති අතර ඒ සඳහා වත්මන් රජය ප්‍රමුඛත්වය ලබාදෙන බවත් ඒ අනුව අප රටේ ගොවීන්ට රසායනික පොහොර සඳහා සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා මෙන්ම කාබනික වගාවේ යෙදෙන ගොවීන්ටත් පො‍හොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
     
    අද (20) දින පෙරවරුවේ අගුණුකොළපැලැස්ස තණකුඹුරුයායේ කාබනික වී වගාව නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය. 
     
    මේ වන විට අප රටේ කාබනික වී ගොවිතැනේ නිරත වන ගොවීන් ප්‍රමාණය 5000 ඉක්මවයි. කාබනික ගොවිතැන සඳහා අමාත්‍යවරයා ද සාමාජිකත්වය ලබාගෙන තිබේ. ඒ අනුව තණකුඹුරුයායේ ද කාබනික වී ගොවිතැන ආරම්භ කළ අමාත්‍යවරයා මේ වන විට පීදී ඇති තණකුඹුර නිරීක්ෂණය කිරීමට සහභාගි විය. 
     
    එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ වස විසෙන් තොර කාබනික වගාව රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා ලබාදිය හැකි සියලුම සහාය රජය විසින් ලබාදෙන බවයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya