නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදවතට එකඟව වැඩ කර ඔබ රටට අදර්ශයක් වන්න - අමාත්‍ය රවින්ද්‍ර සමරවීර

    ජූලි 20, 2018

    තමන්ගේ හදවතට එකඟව රටේ වැඩ කරන ජනතාවගේ සුභ සිද්ධියට වැඩ කළ යුතු බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

     

    අමාත්‍යතුමා මේ බව අධාරණය කළේ,සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සෑම අංශයකම සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුකිරීම වෙනුවෙන් ඒ ඒ අංශ විසින් අනුගමනය කළ යුතු උපමාන ඇතුළත් ඵලදායීතා මාර්ගොපදේශ ග්‍රන්ථය එළිදැක්විම වෙනුවෙන් පැවති උත්සවය අමතමිනි.

    එම අවස්ථාවේදී වැඩිදුරටත් පිරිස අමාත්‍යවරයා,

    සේවා නියුක්ති භාර අරමුදල් මණ්ඩලය බිහි වීමේ පනත 1989 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, දිවංගත ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමා. ඒ මෙරට සංවර්ධනයේ කොටස්කරුවන් වශයෙන් වැඩ කරන ජනතාව පත් කිරීමට අවශ්‍යය නිසා. එදා ඇතුලත්මුදලි ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කතාවේ ගැබ් වෙලා තිබුණා. අපි එක එක වචන වලින් වගේම එක එක වැඩසටහන් වලින් අපේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු වගේම විවිද ආයතන බිහි කර අපි කියන්නේ එකම දෙයයි. ඒ අපි ඉදිරියේ සිටින සේවා දායකයාට ගුණාත්මක සේවාවක් සැපයිය යුතුය යන්නයි.

    එදා සිංගප්පුරුව අපි දිහා බලා කොළඹ වගේ හැදෙන්න අවශ්‍ය බව පැවසුවා. එහෙම කියන තැනක හිටපු අපි අද කොහෙද ඉන්නේ ? මේ සියල්ල දෙස බලනවිට පෙනී යන්නේ අපේ ක්‍රමවේදයේ ලොකු වැරද්දක් තිබෙන බවයි. මේ කතාව තිත්තයි. නමුත් මේ තිත්ත තමයි ඇත්ත.2015 ජනවාරි 08 වනදා පෙරළියෙන් පස්සේ රාජ්‍ය සේවයේ වැටුප රුපියල් 10,000 කින් වැඩි වුනා. ඒ හරහා ආණ්ඩුවට මොන තරම් බරක් මාසිකව බැර වෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. පෞද්ගලික අංශයේ කිසියම් ආයෝජනය කරන්නේ යම්කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන්. මේ ගෙවීම් සමග තවත් දේවල් අපි මේ රටට එකතු කලා. හොදම උදාහරණය මාධ්‍ය නිදහස. ඒ වගේමයි අද විශාල ලෙස විරෝධතාවයන් ප්‍රසිද්දියේ ක්‍රියාත්මක වෙනවා. මේ කිසි දෙයක් කළ නොහැකි කාලයක් තිබ්බා. නමුත් මේවා අද අමතකයි. වෙනත් රටවල් වලත් වෘත්තීය සමිති විරෝධතාවයන් දියත් වෙනවා. නමුත් අපේ රටේ වගේ නැහැ. ම් සදහා මෑතකදී ගත හැකි හොදම උදාහරණය සයිටම් අරගලය. මේවා අවශ්‍යයි. ඇත්තටම අපි මේකේ පරිප්පුව කෑවට මේක අපි ගෙනාව දේකුත් නෙමෙයි. ක්‍රමවේද වල ප්‍රශ්ණ තිබෙන්න පුළුවන්. නමුත් ඒවා සාකච්චා කර විසදා ගත යුතුයි. මට තියෙන දුක මෙලෙස මෙම වීරෝධා වැඩි හරියක් දියත් කරන්නේ මෙරට උගත් කියන පිරිස වීම ගැන.

    නිදහස් අධ්‍යාපනයෙන් පරිපුර්ණ වෙලා අද මේ ආකාරයෙන් හැසිරෙන විදිය දැක්කම මට දුක හිතෙනවා. අද ඕනෑම අරගලයක් විරෝධතාවයක් දියත් කිරීමට වුර්තිය සමිති වලට නිදහස තිබෙනවා. නමුත් තමන්ගේ හිතට එකගව වැඩ කල යුතුයි. ඒකයි මම නිරතරයෙන් කියන්නේ එක අංශයකින් පාලනය විය යුතු බව. දැන් මතකද කාලයක් තිබ්බා 1988, 1989 කාලේ චිට් වලින් සියල්ල තීරණය කල. එහෙම භියක් තිබුනා. මුළු රටම අකර්මන්‍ය වුණා. එහෙම කරන්න පුළුවන රටක් තිබ්බා. එහෙම කල අය පිරිස් තමයි අද මේ පාරවල් දිගේ යන්නේ.

    අපි මේ සියළු දේ කරන්නේ සුවහසක් ජනතාවගේ බලා හිදීම් මත. මේ අමාත්‍යංශය යටතේයි මේ රටේ ලොකුම අරමුදල තියෙන්නේ. මේවා මේ රටේ දුක් විදි වැඩ කරන ජනතාවගේ සල්ලි. අපි ඒ අය වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුතුයි.

    පසුගිය සතියේ මෙරටට තායිලන්ත අගමැති පැමිණියා. එම අගමැතිතුමා දවස් කිහිපයක් මෙරට සංචාරයේ නියැලුණා. එතුමා නැවත යන දවසේ අපේ විදේශ කටයුතු ඇමතිතුමා තායිලන්ත අගමැතිතුමාට පිළිගැන්වූවා ඇල්බමයක්. එහි එතුමා මෙරට සිටි දින කිහිපයේ ඔහුගේ සංචාරයේ සියළු ජායා රූප ඇතුලත් කර තිබුණා. එය තායිලන්ත අගමැතිතුමාගේ පුදුමයටත්, දැඩි පැසසුමට ලක් වුණා. එවන් දේ කරන්න අපට පුළුවන්කම් තියෙනවා .

    සෑම දෙයක්ම රජයට පමණක් තනිව කළ හැකි ඒවා නොවෙයි. සියළු දේ මුලින් තමාගෙන් එළියට පැමිණිය යුතුයි. ජනතාව බලාපොරොත්තු වන දේවල් අලුතෙන් හිතමින් ඒ අරමුණ කරා ළඟා විය යුතුයි. තව 25 වසරක් යනකොට විශ්‍රාම වැටුපටත් ප්‍රශ්ණ එනවා. මේවා කොලේ වහල කතා කරලා වැඩක් නැහැ. ලෝකේ හැම තැනම මේ ප්‍රශ්ණය මතු වෙනවා. ඒ සියළු රට වල වයස් ගත වන ප්‍රමාණය වැඩි වන නිසා. එවිට වැටුප් ගෙවී ප්‍රසාරණය වනවා. මේවා හිතන්න ඕන. මේවා ගැන කතිකාවතක් ඇති කරනකොට කියනවා අපේ පෙන්ෂන් එකටත් මුන් කෙලින්න යනවා කියලා. ඔන්න යහපලානේ කියලා. සනීපද දැන් අහනවා. අපි සනීපයක් තමයි දෙන්න යන්නේ. නැත්නම් අසනීප වෙනවා තව අවුරුදු 20 කින්. ඒ වන කොට අපි නැති වෙයි. නමුත් අනාගතය යහපත්ව රට යහපත්වන දිවෙන ක්‍රම වේදයක් සකස් කල යුතුයි. සමහරක් මෙවන් දේ නොසිතා ලිදේ ඉන්න මැඩියෝ වගේ කිසිම කරුණක් නොසොයා නිසි අධ්‍යනයක් නොකර දියුණු කිරීම් වලට බාධා කරනවා. මේකට සිංහල භාෂාවේ වචනයක් තියෙනවා. ඒක තමයි “කුහක කම”. දියුණුව දකින්න බැරි කොටසක් ඉන්නවා අපි අතරේ. මේවා නැති කර ගන්නේ නැතුව අපිට ඉදිරියට යා නොහැකියි. හදවතට එකගව වැඩ කරන්න හදවතට එකගව තීන්දු තීරණ ගන්න අපි සියළු දෙනාම මතක තියා ගත යුතුයි. අපිට රටම හදන්න බැරි වෙයි. නමුත් අපි ඉල්ලනවා අපි ආදර්ශයක් වෙමු. මේවා කල හැකි බවට. මේක කරන්න පුළුවන් කියන දේ අපි පෙන්නමු. එතොටවත් අනිත් අය මේවා ඉගෙන ගෙන මේවා බෙදා හදා ගෙන වැඩ කරයි.

    මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය රංජිත් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ,කම්කරු අමාත්‍යංශ ලේකම් නිමල් සරණතිස්ස ,සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති මහින්ද මඩිහේවා යන අමාත්‍යංශ කිහිපයක ඉහළ නිලධාරීන් ඇතුළු ශේෂ්ත්‍ර නිලධාරීන් විශාල ප්‍රමාණයක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya