ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක කරනු ලබන ''නිල සෙවණ" කාර්යාල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ දී රුපියල් ලක්ෂ 20ක වියදමින් මෙවැනි එක් කාර්යාලයක් ඉදිකරනු ලබයි.
හිඟුරක්දමන, වැලිඇල, දියසෙන්පුර, එකමුතුගම, නෙළුම් පොකුණ, විහාරගම, තිස්සපුර මෙසේ ජනතා අයිතියට පත් කළ නිල සෙවණ කාර්යාල වෙයි.
ගමක සිටින ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන ක්ෂේත්‍ර නිලධාරීන් සිව්දෙනාට එකම ස්ථානයක සිට සිය රාජකාරී කටයුතු කරගෙන යාම සඳහා මෙම ''නිල සෙවණ" කාර්යාල ඉදිකරනු ලබයි.
මෙයට සමගාමීව රුපියල් ලක්ෂ 14,670 ක වියදමකින් යුතුව ඉදිකරන පලෛාන්නරුව දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එදින සහභාගි විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්විමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
නව පරිපාලන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර මෙහි ඉදිකිරීම් කටයුතු ලබන වසර වන විට නිම කිරීමට අපේක්ෂිතය. පොලොන්නරුව නගරයේ පිහිටි පරිපාලන ආයතන 22 ක් එකම ස්ථානයකට ගෙන ඒමේ අරමුණින් මෙම ගොඩනැගිල්ල ඉදිවෙයි.
මෙම අවස්ථාවන් සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් එස්. ටී. කොඩිකාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක් වුහ.