නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ ගම් පෙරළිය ” සංවර්ධන වැඩසටහන-ශීතාගාර පහසුකම්වලින් සමන්විත පළමු ත්‍රීරෝද රථය හඳුන්වා දෙයි

    ජූලි 19, 2018

    පසු අස්වනු හානිය අවම කරගැනීම සදහා හඳුන්වාදුන් ශීතාගාර පහසුකම් සහිත පළමු ත්‍රීරෝද රථය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත ඊයේ (18)දහවල්  ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී පිළිගන්වනු ලැබිය.

    මැලේසියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන මෙම ත්‍රීරෝද රථයේ ශීතාගාර සුර්ය බලයෙන් ක්‍රියාත්මක වේ. මේ නිසා විදුලිය වෙනුවෙන් වැයවන විශාල මුදලක් ඉතිරි කර ගත හැකි ය . ඊට අමතරව මෙම ත්‍රීරෝද රථයෙන් එකවර කිරි ලීටර් දහසක් (1000/-) හෝ මස් , එළවළු , මාළු වැනි නිෂ්පාදන එකවර කිලෝ ග්‍රෑම් 300 රැගෙන යාමේ පහසුකම් වලින් සමන්විතය .

    අයහපත් කාලගුණය පවතින සුර්ය බලය නිසි ලෙස නොලැබෙන දින වලට ශීතාගාර පහසුකම් ලබාගැනීම සදහා අඛණ්ඩ බල ශක්තිය ලබාගැනීමේ පහසුකම් වලින් මෙන්ම අවශ්‍ය අවස්ථා වලදී විදුලි බලයෙන් බැටරිය ආරෝපණය (චාර්ජින්) කරගැනීමේ පහසුකම් වලින්ද සමන්විතය .පරිසර හිතකාමී මෙම ත්‍රීරෝද රථය උපරිම ධාරිතාවක් සහිතව පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් ධාවනය කළ හැකිය .

    රාජ්‍ය  අමාත්‍යවරයා වෙත භාරදුන් මෙම ශීතාගාර පහසුකම් වලින් සමන්විත පළමු රථය ධාවනය කරමින් අමාත්‍යංශය භුමියේ සංචාරය කළ අතර එහි ඇති පහසුකම් හා ජනතාවට ලැබෙන සේවාව මෙන්ම පැවැත්ම පිලිබදව එකිනෙක සොයා බලමින් එය තවදුරටත් ඵලදායි ලෙස වැඩි ප්‍රයෝජනයක් ලබාගත හැකි ලෙස වැඩි දියුණු කිරීමේ හැකියාව පිළිබදවද අදාළ නිෂ්පාදන සමාගමේ නියෝජිතයින් සමග සාකච්ජා කළේය .


    එහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අදාළ නිෂ්පාදන සමාගමෙන් ඉල්ලීමක් කළේ, අවම මුදලකට මෙම ත්‍රීරෝද රථය ජනතාවට ලබාගැනීමට පහසුකම් සළසන ලෙසය. කිරි ප්‍රවාහනය සදහා ශිතාගාරය තුළ ගබඩා පහසුකම් සැලසීම පිළිබදව මෙන්ම ශිතාගාරය කොටස් වශයෙන් වෙන්කර එළවළු හෝ මාළු වැනි නිෂ්පාදන ප්‍රවාහනයට මෙන්ම අළෙවියට පහසුකම් සැලසීම වෙනුවෙන් අවධානය යොමුකරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නියෝජිතයින්ට දැනුම් දුන්නේය .
    ග්‍රාමීය ජනතාවගේ ජිවනෝපාය සංවර්ධන කඩිනම් වැඩපිළිවෙල යටතේ රජය ක්‍රියාත්මක කරන“ ගම් පෙරළිය ” වැඩසටහන යටතේ ග්‍රාමීය ජනතාවගේ නිෂ්පාදන ඉහළ ගුණාත්මක භාවය ආරක්ෂා කරගනිමින් පසු අස්වනු හානිය වළක්වා ගනිමින් සිය නිෂ්පාදන ප්‍රවාහනය සදහා මෙම ත්‍රීරෝද රථය හඳුන්වා දීමට කටයුතු කරන බව සදහන් කළ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා,  ඒ සදහා නව ව්‍යවසායකන් හඳුන්වා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගොවි ජනතාව ඇතුළු නව ව්‍යාපාර ආරම්භ කිරීමට කැමැත්තක් සහ උනන්දුවක් දක්වන අනාගතයේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට අදහස් කරන ජනතාවට ණය පහසුකම් ලබාදීමට අදාළ මුල්‍ය සමාගම් සමග සාකච්ඡා කර වැඩපිළිවෙලක් සකසන බවද සදහන් කළේය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya