රජයේ විශේෂ නියෝජිත ලෙස මෙම අවස්ථාවට සහභාගි වූ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා උත්සව සභාව ඇමතුවේ ය.
ශ‍්‍රි ලංකාවේ ප‍්‍රංශ තානාපති එච්.ඊ.ජින් මාටින් ෂෝක්ෂු මහතා මේ අවස්ථාවට එක් විය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, විජේදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග, දයා ගමගේ, නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු රටවල් ගණනාවකම තානාපතිවරු,විදෙස් නියෝජිතයින් සහ සම්භාවනිය අමුත්තන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.