නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැඩි දඩුවම් ලබාදී හෝ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කළ යුතුයි - අමාත්‍ය සාගල රත්නායක

    ජූලි 18, 2018

    දැඩි දඩුවම් ලබාදී හෝ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මර්දනය කළයුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    වැලිගම ආසනයේ ගංවතුරින් නිවාස හානියට පත්වූ ජනතාවට ආධාර මුදල් ලබාදීමේ වැඩසටහන් අවස්ථා දෙකකට එක්වෙමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    2017 වසරේ මැයි මස ඇතිවූ ගංවතුර තත්වයෙන් නිවාස හානියට ලක්වූ වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 98 කට සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 212 ක් සඳහා මෙලෙස අමාත්‍යවරයා අතින් මුදල් චෙක් පත් ප්‍රදානය කරනු ලැබිණි. ඒ අනුව රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමින් යුතු මුදලක් මෙසේ බෙදාදෙනු ලැබීය.

    කුඩු ජාවාරම ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරිත්වය මර්දනය කිරීම සඳහා පසුගිය වසරේදී ශ්‍රී ලංකා පොලීසිය තුළ "සංවිධානාත්මක අපරාද මර්දන දිසාවක්" ඇතිකළ බවත් එම දිසාව ඇතුළු ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වයේ ප්‍රතිපල වශයෙන් මේ වනවිට වැටලීම් සාර්ථකව සිදුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මෙරට තුළ මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් අපරාද මර්දනය සඳහා වත්මන් රජය විශේෂ අවදානයක් ලබාදී ඇති බවයි.

     කුඩු ජාවාරම ඇතුළු සංවිධානාත්මක අපරාධවල නියතු වූවන් තමන්ගේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා හොඳින් හෝ නරකින් කටයුතු කරන බවත් ඒ අනුව එම අපරාධකරුවන් වැටලීම් සිදුකරනු ලබන පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම් සිදුකරන බවත් අමාත්‍යවරයා  සඳහන් කළේය.

    තමන් නීතිය හා සාමය අමත්‍ය ධුරය දරන සමයේ ලද අත්දැකීම් අනුව සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකාරීත්වය ඉතා සූක්ෂම බව සඳහන් කර සිටියේය. එනිසා අපරාධ වැලැක්වීම සහ පාලනය අත්‍යවශ්‍ය අංගයක් බැවින් විදෙස් රටවල මෙන් දැඩි දණ්ඩන ක්‍රමවේද හෝ අනුගමනයකර මෙම අපරාද මර්දනය කළයුතු බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya