ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (17) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවැති කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා අවස්ථාවට එක්වෙමිනි.
එමෙන් ම වර්තමානයේ දී දරුවෙකුගේ මූලික අධ්‍යාපනය හා මුල් ළමාවිය සංවර්ධන කටයුතු සඳහා ඩොලරයක් වියදම් කළහොත් තවත් වසර 10කින් පමණ ඉන් ඩොලර් 09ක පමණ ලාභයක් උපයාගැනීමේ හැකියාව ඇති බැවින් දරුවන්ගේ මුල් ළමා විය සඳහා වැය කරන මුදල් අනාගත ආයෝජනයක් ලෙසින් දැකිය හැකි බවත් පෙන්වාදෙන විශේෂඥ වෛද්‍යවරයා වර්තමානයේ දරුවා රැකබලා ගන්නා ආකාරය අනුව අනාගත පුරවැසියන් බිහිවන බවත් පෙන්වා දෙයි.
මුල් ළමා විය සංවර්ධනය හා අධ්‍යාපනය සඳහා ප්‍රමිතීන් හඳුන්වාදීම හරහා ගුණාත්මකභාවය සහතික කිරීම මෙන් ම ඒ සම්බන්ධයෙන් වන දත්ත පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් වෙනත් රටවල් හා සැසඳීමේ දී ශ්‍රී ලංකාව මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන්කරනු ලබන්නේ ඉතා අවම මුදලක් බවත් 2019 වසරේ සිට ඒ පිළිබඳ ව සැලකිල්ලක් දැක්වීමට මුදල් අමාත්‍යවරයා එකඟත්වය ප්‍රකාශ කළ බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එඩ්වර්ඩ් මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පෙන්වා දුන්නේය.
මෙලෙස මුල් ළමාවිය සංවර්ධනයට හා අධ්‍යාපනය සදහා වෙන්කරනු ලබන මුදල් ප්‍රමාණය වසරින් වසර වැඩිකිරීමට කටයුතු කළයුතු බවත් එසේ නොමැති වුවහොත් දීර්ඝ කාලීන සංවර්ධන ඉලක්කයන් ජයග්‍රහණය කළ නොහැකි බවත් පෙන්වාදෙන මහාචාර්යවරයා මුල් ළමා විය සංවර්ධනය සදහා ආයෝජනය කිරීම හරහා සිදුවන සංවර්ධනය හේතුවෙන් ඔවුන් වෙනුවෙන් අනාගතයේ දී වැයකළ යුතු පිරිවැය අඩුවන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති වෛද්‍ය තුසිතා විජේමාන්න, පාර්ලිමේන්තු ළමා සංසදයේ සභාපති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු අමාත්‍යංශ රැසක නිලධාරීහු පිරිසක් මෙන් ම මාධ්‍යවේදීන්ද සහභාගිව සිටියහ.