නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංගමය ලාභ ලබන තත්ත්වයකට පත් වෙලා- ප්‍රවාහන ඇමැති

    ජූලි 16, 2018

    ශ්‍රී ලංගමයේ ගුණාත්මක භාවයන් වැඩි කළ යුතු බවත් මේ වන විට ශ්‍රී ලංගමය ලාභ ලබන තත්ත්වයකට පත් වී තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    සෑම ශ්‍රී  ලංගම රියදුරු කොන්දොස්තර මහතෙකුටම එම ලාභයෙන් නිළ ඇඳුමක් ලබා දීමට අමාත්‍යවරයා යෝජනා කළ අතර නමුත් ටිකට් වංචා කරන කොන්දොස්තර මහතුන් පිළිබඳවත් සොයා බැලිය යුතු බව ද සඳහන් කළේය.

    " ඒ අය නිසා ලංගමයට විශාල මුදලකුත් අහිමි වෙනවා. ඒ අය රාජ්‍ය මුදල් වංචා කිරීමට දඬුවම් ලබා දිය යුතුයි. ඒ සඳහා නව නිතී රීති සකස් කරන්න ඕනේ. ශ්‍රී  ලංගමයේ ගුණාත්මකභාවය ඉහළ දැමීම සඳහා අලුත් බස්රථ ගෙන්වීමත් අපි සිදු කරනවා. ඒ සඳහා දැනටමත් කටයුතු කරමිනුයි ඉන්නේ. ඒ වගේම වසරේ අවසානය වන විට සියලුම ශ්‍රී ලංගම බස්රථවලට GPS උපකරණ සවි කරලා අවසන් කරනවා. මම මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කරුණක් තියෙනවා. ඒ ශ්‍රී ලංගම බස්රථ මාර්ග අනතුරු අවම කර ගැනීමට හැකි වෙලා තියෙන බව. ආරක්ෂිතව ගමන් ගන්න නම් ලංගම බස්රථයක් තෝරා ගැනීම මගී ජනතාවගේ අපේක්ෂාව වෙලා. පුද්ගලික අංශයේ බස් රියදුරන් විහිළු තහළු කරමින් පාරේ බස් ධාවනය කිරීම නිසා මගී ජනතාවගේ ජීවිත අවධානමක් බවට ‍පත් වෙලා." යැයි අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම් පොළේදී  අද (16) පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ලංගමය සඳහා විනීත රියදුරු කොන්දොස්තරවරුන්ගේ සේවය අවශ්‍ය වන අතර  ලංගමයට මැරවරයන් අවශ්‍ය නැති බවත්  ඒ වගේම මගීන්ට හිරිහැරයක් වන පරිදි පුද්ගලික අංශයේ බස්රථවල වගේ එෆ් එම් රේඩියෝ ක්‍රියාත්මක නොකළ යුතු බවත් අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ විශාල මගී සංඛාවක් මේ බවට පැමිණිල කරලා තියෙන බවයි.  ඒ නිසා මගියාට හොඳ සේවාවක් ලබාදීමට සියලු දෙනාම සිතා ගත යුතු බවද අමාත්‍යරවයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya