නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටින උපකරණ මිල ගණන් නොබලා ලබා දෙනවා- ” සුව ඇමැති

    ජූලි 16, 2018

    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පිහිටි සෞඛ්‍ය අධ්‍යයන විශ්ව විද්‍යාල ආයතනයේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදැරූ 28 කට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විනි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - මෙම පාඨමාලාව ආරම්භ කළේ 2013 වසරේ දී. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යධූරය දරන සමයේ දී මෙම පාඨමාලාව පිළිබදව ගැටලු ඇති වුනා. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් වූ පසු පාඨමාලාව පවත්වාගෙන යාම සදහා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සමග වසර 03 ක ගිවිසුමකට එළඹුනා. ඔබ සැම කළ පාඨමාලාවේ දී මුහුණ දුන් ගැටලු සහතික පත්‍රයේ කොතනකවත් සදහන් වෙලා නැහැ. මෙම පාඨමාලාව සංවිධානගතව ඉදිරියට ගෙන යා යුතුයි. පාඨමාලාව හැදැරූ මෙම සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ රැකියා ලබාදිමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුවයි.

    මැලේසියානු රජයට අයත් සමාගමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය උපකරණ ලබාදීමට එකග වී තිබෙනවා. ශ්‍රී ලංකාවට රැගෙන එන එම උපකරණ ඉතා දිර්ඝ කාලීනව භාවිත කිරීම සදහා අක්‍රීය වන විට අළුත්වැඩියා කළ යුතුයි. විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටින උපකරණ මිල ගණන් නොබලා ලබා දෙනවා. ස්වයංක්‍රීය උපකරණ තමයි ලබාගන්නේ.
     
    මෙහිදී සෞඛ්‍ය අධ්‍යයන විශ්ව විද්‍යාල ආයතනය පවත්වාගෙන යාම සදහා කළ සේවාවට උපහාර  දැක්වීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු ඵලකයක් ද පිරිනමන ලදි. මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති අතුල කහදලියනගේ, අධ්‍යක්ෂ සුසිත් සේනාරත්න යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya