සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන “ආයුර්වේද එක්ස්ප්‍රෝ 2018 ප්‍රදර්ශණය” කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පසුගියදා ආරම්භ විය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්ව සිටියේය.
මෙම ප්‍රදර්ශණය අදින් (15) අවසන් වේ. දේශීය වෛද්‍ය ක්ෂේත්රය ජාත්‍යන්තර තලයට ගෙනඒමේ අරමුණින් මෙම ප්‍රදර්ශණය සංවිධානය කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට රිෂාඩ් බදියුදීන්, දයා ගමගේ යන අමාත්‍යවරුන් සහ විශාල පිරිසක් එක්ව සිටියහ.