සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) ලෙස පත්වීම් ලැබූ විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා රාජකාරී කටයුතු ආරම්භ කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු විය.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ඕනෑම අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරයා හරියට වැඩ කළොත් ස්ථීර ලේකම්වරයාට රාජකාරී කටයුතු සිදු කිරිම ඉතාම පහසුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ධූර දෙකක් හිස්ව තිබුණා. ඒ සදහා නිලධාරීන් මේ වන විට පත් කර තිබෙනවා. තවත් හිස්ව ඇති පුරප්පාඩු සඳහා ස්ථීර නිලධාරීන් පත් කරන ලෙසට මම උපදෙස් ලබා දී තිබෙනවා. අතිරේක ලේකම් ( වෛද්‍ය සේවා) තනතුරට පත් වූ සුනිල් ද අල්විස් මහතා හෙද පීඨය ඉදිකිරීම සඳහා විශාල සේවාවක් ඉටු කළා. තව ද මමත් සුනිල් ද අල්විස් මහතාත් ශිෂ්‍ය ව්‍යාපාර කටයුතුවල ද නිරත වී තිබෙනවා. විශේෂඥ වෛද්‍ය සේවාවේ සහ වෛද්‍ය සේවාවේ පවතින ගැටලු පිළිබඳව වෛද්‍ය සංගම් කැඳවා සාකච්ඡා කර විසඳුම් ලබාදෙන්න. සෞඛ්‍ය සේවය සංවර්ධනය කළ යුතුයි. විදේශගතව විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබාගන්නා වෛද්‍යවරුන් යළි ලංකාවට පැමිණීමට ප්‍රථම එම වෛද්‍යවරුන් ස්ථාපිත කිරීමට සුදුසු රෝහල් හඳුනාගෙන ස්ථාපිත කිරීම තුළින් ගැටලු රැසක් අවසන් වෙනවා. රෝගී සත්කාරක සේවා ද නිසි පරිදි සිදු වෙනවා.”
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.