සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාදුරු රෝගය තුරන් කිරීමට විශේෂ සායන දිවයින පුරා දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරනවා

    පෙබරවාරි 05, 2017

    වසර 2020 දී ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා දිවයිනේ ලාදුරු රෝගීන් වැඩියෙන් වාර්තා වන ප්‍රදේශවල රෝග ලක්ෂණය ඇති පුද්ගලයන් සොයා නිවසින් නිවස ගොස් පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ.එම්. ඩබ්ලිව්. ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.


    සෑම වසරකම ලාදුරු රෝගීන් 2000ක් ශ්‍රී ලංකාවෙන් පසුගිය දස වසර පුරා වාර්තා වන බවත් වසර 2016 වැඩිම ලාදුරු රෝගීන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

    ලාදුරු රෝගය පිළිබඳව ජනතාව දනුවත් කිරීම වැදගත් බව සඳහන් කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,සුරක්ෂිත සමාජයක් ඇති කළ යුතු බවත්  වසර 2020 වනවිට ලදුරු රෝගය වැළැක්වීම බවත් සඳහන් කරයි.


    නව රෝගීන් සොයාගැනීම සඳහා දිස්ත්‍රික්ක පුරා විසිරුණු පර්යන්ත සායන පිහිටුවීමට ක්‍රියා කෙරේ. කාර්යමණ්ඩල පුහුණුව ලබාදීම,කොළඹ  මහානගර බලප්‍රදේශයේ මාස් පතා ජංගම සායන පැවැත්වීම,සමේ රෝග සහ දිස්ත්‍රික්ක පුරා විසිරුන පර්යන්ත සායන සඳහා යටිතල පහසුකම් ලබාදීම,ජාතික පර්යේෂණ සිදු කිරීම සහ ශ්‍රී ලංකාව තුළ ලාදුරු රෝග ආශ්‍රිතයන් සෙවීමේ කටයුතු සවිමත් කිරීම ලාදුරු මර්දන ව්‍යාපාරයේ අරමුණු බව එම ව්‍යාපාරය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya