සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමුවරට කෝප් වාර්තාවක් නීතිපතිට

    ජනවාරි 26, 2017
    පළමු වරට කෝප් වාර්තාවක් ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා කතානායකවරයා විසින් නීතිපතිවරයා වෙත නිකුත් කර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    වත්මන් රජය කිසිඳු දෙයක් හැංඟීමට හෝ යටපත් කිරීමට ක්‍රියා නොකරන බවත් ආණ්ඩු පක්ෂය කියන්නේ ද මහ බැංකු බැඳුම්කර සිදුවීමේ දී වංචාවක් දූෂණයක් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් යැයි පෙන්වාදෙන මන්ත්‍රීවරයා ඒ සියලු ක්‍රියාවන් ක්‍රමවේදයට අනුව සිදුවෙමින් පවතින බවද කීය.
     
    මීට ඉහතදී කෝප් වාර්තාවන් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ද මේ ආකාරයෙන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපතිවරයා වෙත නිකුත් කිරීම සිදු නොකළ බවත් පෙන්වාදෙන මන්ත්‍රීවරයා යහපාලන ආණ්ඩුව විසින් එය සිදු කොට ඇති බවත් එබැවින් චෝදනා එල්ල කළ නොහැකි බවත් පෙන්වා දෙයි.
     
    රජයක් ලෙසින් වසර දෙකක් තුළ සියලු දේ ඉටුකළ බව නොපවසන බවත් යම් යම් අඩුපාඩු ඇති නමුත් ඒවා හරිගස්සාගනිමින් ඉදිරියට යන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    එමෙන් ම වත්මන් රජය සියලු ජන කොටස් දෙස සමාන දෘෂ්ඨි කෝණයකින් බලන බවත් සියලු ජන කොටස් එකතුකළා මිස දෙකඩ නොකළ බවත් මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.
     
    විපක්ෂය පෙන්වාදෙන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩවල මෙන් ම ඖෂධවලද මිල වත්මන් රජය විසින් අඩුකර ඇති මෙම අවස්ථාවේ දී ජනතාවට ජීවන වියදමේ ප්‍රශ්නයක් නොමැති බවත් ව්‍යවස්ථා සංශෝධනය රටේ ජනතාවට මර උගුලක් නොවන බවත් අමරසේන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya