සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික ස්ථාන විධිමත් සැලසුමකට දියුණු කරනවා - අමාත්‍ය පාඨලී චම්පික

    ජනවාරි 26, 2017
    ඓතිහාසික මහනුවර නගරය හා මධ්‍යම පළාත විශේෂ මහනගර සංවර්ධන සැලසුමක් යටතේ සංවර්ධනය කරනය කිරීම සඳහා රුපියල් දස ලක්‍ෂ පහලොස් දාහසක ආයෝජනයක් සිදු කරන අතරම රටේ ඒකීය භාවය හා සම්බුද්ධ ශාසනයට හෝ සෙසු ආගම් ඇදහීමට තිබෙන අයිතිය අහිමි කරන ව්‍යවස්ථා සංශෝධන සිදු නොකරන බවත් මහනුවර, අනුරාධපුරය පමණක් නොව යාපනයත් උපාය මාර්ගික නගරයක් ලෙසින් ගොඩනඟන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ ශ‍්‍රී දළඳා මාලිගා පරිශ‍්‍රයේ ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණයේ පළමු අදියර දළඳා මාළිගාවට උරුමකොට පූජා කිරීමේ අවස්ථාවට ඊයේ  (25) එක්වෙමිනි. 
     
    දළඳා මාලිගයෙන් ආලෝකමත් වන මේ මහනුවර නගරය සහ අවට නගර  සියල්ලට ම ඉදිරි කාලයේ දී විධිත් සංවර්ධන සැලැස්මක් අනුව නාගරික සංවර්ධන අධිකාරිය දසලක්‍ෂ පහලොස් දහසක් මහනුවර නගරයේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන බවත් විශේෂයෙන්ම එහි ජලාපවහන පද්ධතිය, මලාපවහන පද්ධතිය දියුණු කිරීමට මෙන් මලංකාවේ ප‍්‍රථම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ගෙන එන්නට මේ ඉදිරි කාලයේ දී කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි. 
     
    ඒ අනුව තවත් අවුරුදු 4ක් පමණ යන විට මේ දළඳා මාලිගා පරිශ‍්‍රය පමණක් නොව මහනුවර නගරයත් අලුත් ම නගරයක් සැබෑ මහනුවරක් බවට ගොඩනැඟෙන්නට කටයුතු යෙදේවි යැයි බලාපොරොත්තු වන බවත් කීය.
     
    සෑම ජන කණ්ඩායමකට ම තමන්ගේ සංස්කෘතික උරුමයන් ආරක්‍ෂා කර ගනිමින්  එම සංස්කෘතික උරුමයන් පෙරට ගෙනයන්න ඇප උපකාර ලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya