සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් ක්‍රීඩා මණ්ඩපය "හෙන්රි පේද්‍රිස් මණ්ඩපය" ලෙස නම් කරන්න - අධිකරණ ඇමති ජනපතිගෙන් ඉල්ලයි

    ජනවාරි 26, 2017
    ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබූ කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලාංකීය ජාතින් අතර අසමඟියක් ඇති කරමින් බෙදා වෙන් කර ගෙන ගිය පාලනයට තවත් රුකුලක් වන ලෙස සිංහල හා දමිළ ජනතාව ශාරිරක හා මානුෂික වශයෙන් දුර්වල කර බෙලහීන ජාතියක් බවට පත් කිරීම සඳහා උපායශීලි ලෙස කටයුතු කරමින්, ශ්‍රී ලාංකික ජාතිය මතට ඇබ්බැහි කරවීම සඳහා දිනයිනේ සෑම ප්‍රදේශයකම සුරාසැල් ආරම්භ කිරීමට නායකත්වයක් ලබා දුන් බ්‍රිතාන්‍ය පාලන සමයේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හර්බට් ඩව්‍බිගින්ගේ නමින් මේ වන විටත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හැව්ලොක් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපය පවත්වාගෙන යෑම පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව මුළු මහත්  ශ්‍රී ලාංකිකයන්ටම කරනු ලබන අවමානයක් වන බැවින් එම ක්‍රීඩා මණ්ඩපයේ ඔහුගේ නාමය වෙනස් කර අධිරාජ්‍ය වාදයෙන් රට මුදවා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හෙන්රි පේද්‍රිස් මැතිතුමාගේ නාමයෙන් එම මණ්ඩපය නම් කරන්නැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය අචාර්ය විජයදාස මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙන් හා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා ඇතැයි අධිකරණ අමාතංශය අවධාරණය කරයි. 
     
    බ්‍රිතන්‍යය රජයේ පොලිස්පති වරයා ලෙස කටයුතු කළ හර්බට් ඩව්‍බිගින්ගේ කාල පරිච්ඡේදයේදී මෙරට සුරැසැල් ආරම්භ කර එය නීතිගත කිරීමෙන් ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතියට කළ බලපෑම ඉතා ප්‍රබල වන අතර ඊට එරෙහිව මහාමන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු ශ්‍රී ලාංකික නායකයින් ආරම්භ කළ අමද්‍යප ව්‍යාපාරය මහජනතාව දැනුවත් කරමින් එයින් වැළකීමට ගෙන ගිය ව්‍යාපාරය ද කඩාකප්පල් කිරීමට කටයුතු කළ මෙම නිලධාරියා ඒ වන විටත් තැබෑරුම් 1072 දක්වා දිවයින පුරා ව්‍යාප්ත කර එය නීතිගත කර තිබුණි .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya