සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    SLIDA සහ ICTA අතර අවබෝධතා ගිවිසුමත් අත්සන් කෙරේ

    ජනවාරි 26, 2017

    ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම යථාර්තයක් කර ගැනීම සඳහා රාජ්‍ය අංශයට ඇවැසි පුහුණුව ලබාදීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)  සහ ශ්‍රී ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.

    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වෙනුවෙන් එහි අධ්‍යක්‍ෂ ජනරාල් වසන්තා පෙරේරා මහත්මිය සහ  ශ්‍රී ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය වෙනුවෙන් එහි කළමණාකාර අධ්‍යක්‍ෂ මුහුන්දන් කනගි මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුහ.

    මේ අනුව ඩිජිටල් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම සදහා  රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍යය වන දැනුම සහ පුහුණුව විධිමත්ව සහ කාර්යක්‍ෂමව  ලබාදීමට හැකියාව ලැබේ.

    ශ්‍රී ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් මේ වන විටත් ඩිජිටල් රාජ්‍ය සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ මානව සම්පත් ධාරිතා ප්‍රවර්ධනය සඳහා මූලෝපායයික සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතී. මෙම ක්‍රියාවලිය වඩාත් පුළුල්ව හා තිරසාර ලෙස ක්‍රියාත්මක කිරීමට විවිධ ආයතන සමඟ සම්බන්ධව කටයුතු කෙරේ.
     
    මෙම අවබෝධතා ගිවිසුමට එළඹීමත් සමඟම ආයතන දෙක අතර මනා සබඳතාවයකින් මෙම කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකා සංවර්ධන  පරිපාලන ආයතනය සතු මානව සහ භෞතික සම්පත් ඉතා පලදායී ලෙස මේ සඳහා  යොදා ගැනීමට පහසුකම් සැලසේ.

    තවද ජංගම දූරකතන ටැබ් මෙන්ම නවීන තොරතුරු තාක්‍ෂණ මෙවලම් ආශ්‍රීතව දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලියක් ඔස්සේද මෙම පුහුණුවීම් සිදු කිරීමට නියමිතව තිබේ. මේ යටතේ රාජ්‍ය අංශය පුරා පැතිරුණු ඩිජිටල් අධ්‍යාපන පද්ධතියක් සැකසීමේ ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ කර තිබේ.
    රාජ්‍ය නිලධාරීන්ගේ නිපුණතාවයන් සහ හැකියාවන් ධනාත්මකව වර්ධනය කිරීම මෙන්ම ඔවුන් පුහුණු කිරීමේ නිල රාජ්‍ය ආයතනය වන්නේද ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකරු සමීර ජයවර්ධන මහතා ද එක්විය.  

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya