සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය කිසිදු දෙයක් යට‍පත් කිරීමට කටයුතු කරන්නේ නැහැ- ජනමාධ්‍ය ඇමැති

    ජනවාරි 25, 2017

    වංචා දූෂණ සම්බන්ධයෙන් රජය කිසිවක් යට‍පත් කිරීමට උත්සහා නොගන්නා බවත් නීතිය හරිය විදියට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක,  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ලබාදෙමින් මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම , නීතිපතිවරයාට යොමු කිරීම සහ ජනාධිපති කොමිසමක් පත් කිරීම සිදු කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

     

    ජනාධිපති කොමිසම සමඟින් ඒ සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත වාර්තාවක් ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා කළ අතර ඉදිරියේදී සියලු වංචා දූෂණ සම්බන්ධයෙන් ජනතාවට දැන ගැනීමට හැකි වනු ඇතැයි ද සඳහන් කළේය.

     

    යහපාලන පාලන ආණ්ඩුවක් ලෙස විනිවිදභාව‍යෙන් හා පාරිශුද්ධ භාවයෙන් එම කටයුතු ඉටු කරන බව කිසිදු බයක් නැතිව ප්‍රකාශ කළ හැකි තත්ත්වයක් ඇති කර තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya