සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් යාපනයේදී විවෘත වෙයි

    ජනවාරි 25, 2017

    ජනතාවට ලබාදෙන සේවය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍යාංශය හෙට (26) ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් යාපනයේදී විවෘත කරනු ලැබේ.

    යාපනයේ විවෘත කිරීමට නියමිත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයට අනුව සිදු කර තිබේ.

    කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිහිටා ඇති කොන්සියුලර් කාර්යාලයෙන් පමණක් මහජනයාට සැපයූ කොන්සියුලර් සේවා රැසක්, ඉදිරියේදී මෙම ප්‍රාදේශීය කාර්යාලය මගින් සපයනු ඇත. විදේශ රටවලදී භාවිතා කිරීම සඳහා අවශ්‍යවන උප්පැන්න, මරණ හා විවාහ මෙන්ම අධ්‍යාපන සහතික සත්‍යාපනය කිරීම, විදේශ රටවලදී අතරමං වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය සහය ලබාදීම, සංක්‍රමණික සේවකයන්ගේ පවුල්වලට වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ විදේශ රටවලදී මියයන ශ්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ මෙරටට ගෙන්වා ගැනීම ආදී සේවා මෙම ප්‍රාදේශීය කාර්යාලය මගින් සලසනු ඇත.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කන්සියුලර් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නුවර පාර, යාපනය වේ.

    මෙම කාර්යාලය සෑම සතියකම සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 08.00 සිට ප.ව. 04.15 දක්වා විවෘත කර තැබේ.
    දුරකථන අංකය    :    00 94 21 2215970
    ෆැක්ස්    අංකය        :    00 94 21 2215972
    විද්‍යුත් තැපැල් ලිපිනය:        This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya