සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන් පාර්ලිමේන්තු මංගල සැසිය අද

    ජනවාරි 25, 2017
    සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (25) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේ පිහිටි විශේෂ පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ආරම්භ වීමට නියමිතය.
     
    මංගල සැසිවාරය අද සහ හෙට (26) යන දෙ දින තුළ පැවැත්වෙන අතර "රජයේ ඉදිරි ආර්ථික කටයුතු සැලසුම් සඳහා තාරුණ්‍යයේ දායකත්වය කෙසේවිය යුතු ද" යන මාතෘකාව එහිදී විවාදයට ගැනීමට නියමිතව ඇත. 
     
    සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු පිරිසගේ දිවුරුම්දීම් ද අද සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya