සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අබුඩාබි සංවාදය ඇරඹේ

    ජනවාරි 24, 2017
    අබුඩාබි සංවාදයේ විදේශ රැකියා ක්ෂේත්‍රයට සම්බන්ධ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන්ගේ සැසිවාරයේ සමාරම්භය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී ආරම්භ විය.
     
    ශ්‍රමිකයන් බඳවාගැනීමේ ක්‍රියාදාමයෙහි නියුක්ත පාර්ශවකරුවන් විසින් ගිවිසුම්ගත තාවකාලික ශ්‍රමය යොදාගැනීමට අදාළ ජාතික නීති සහ රෙගුලාසි පිළිබඳ අවශ්‍යතා සමඟ අනුකූලවීම බලාත්මක කිරීම සම්බන්ධයෙන් සමාජික රාජ්‍යයන් ඒකාබද්ධ වගකීම් පිළිගැනීමේ අරමුණ සහිතව සහයෝගිතා ස්වේච්ඡා රාජ්‍ය ප්‍රවේශයක් ලෙසින් මෙම සමුළුව පැවැත්වේ.
     
    ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිලන්තය, වියට්නාමය, බහරේනය, කුවේටය, ඕමානය, කටාර්, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ මැලේසියාව ආදී රටවල් මෙහි සමාජිකත්වය දරයි.
     
    මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල, නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya