සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනෝ උපදේශන නවක ගුරුවරුන් බඳවා ගැනීමට ඇමැති උපදෙස්

    ජනවාරි 24, 2017

    මනෝ උපදේශනය පිළිබඳ විධිමත් පුහුණුවක් සහිත ගුරු භවතුන් 2,753ක් අධ්‍යාපන පද්ධතියට අලුතින් එක් කර ගැනීම කඩිනම් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    වර්තමාන සංකීර්ණ සමාජ ක්‍රමය තුළ පාසල් දරුවන්ට විවිධ මානසික ගැටලුවලට මුහුණදීමට සිදු වීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනික හා සමාජයීය පැවැත්මට අහිතකර බලපෑම් එල්ලවන බැවින් පාසල් තුළ දී වඩාත් සංවේදීව ඔවුන්ගේ ගැටලු විසඳීමට හැකි, මනෝ උපදේශනය පිළිබඳ සුදුසුකම් ඇති ගුරුවරුන්ගේ සේවය මෙහිදී ලබා ගැනීම සිදු වේ.

     

    නව යොවුන් වියට එළඹීමත් සමඟ දරුවන් මුහුණ දෙන ගැටලු සඳහා නිසි අයුරින් මව්පියන් සහ ගුරුවරුන් සංවේදී නොවීම හේතුවෙන් එම දරුවන් විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්හි ගොදුරු බවට පත්වීමත්, ඔවුන්ගේ සමබර පෞරුෂය ගිලිහී යාමත් හේතුවෙන් සමාජය තුළ ගැටලු රැසක් නිර්මාණය වී තිබේ.

     

    පාසල් ගුරුවරුන් විෂය කරුණු ඉගැන්වීමට පමණක් සීමා වීමත් මව්පියන්ගේ කාර්ය බහුල ජීවන රටාවත් හේතුවෙන් දරුවන් සහ ඔවුන් අතර දුරස්ථභාවයක් නිර්මාණය වීමට හේතු වී තිබේ.

     

    ඒ අනුව ළමුන් 300 ට වැඩි පාසල් සඳහා මනෝ උපදේශන කටයුතු සඳහා ගුරුවරුන් බඳවාගැනීම් සිදුකිරීමට නියමිත අතර මෙවැනි පාසල් 3,768 ක්  පද්ධතිය තුළ ක්‍රියාත්මකයි. මේ වන විටත් මෙම පාසල්වල ගුරුවරුන් 1,039 දෙනෙකු මනෝ උපදේශන සේවයේ තාවකාලිකව යෙදී සිටින අතර, ඔවුන්ගේ සුදුසුකම් සපුරාලීමට අවශ්‍ය ඉඩකඩ සපයා දී ඔවුන් ද මනෝ උපදේශන කටයුතු සඳහා පත් කිරීමටත්, මීට අමතරව තවත් පුරප්පාඩු 2,753 ක් සඳහා ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ ඒ හා සමාන පිළිගත් ආයතනයකින් ලබාගත් උපාධියක් සහිත උපාධිධාරීන්ගෙන් සුදුස්සන් බඳවාගැනීමටත් නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya