සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට බැඳී සිටිනවා - අමාත්‍ය නිරෝෂන් පෙරේරා

    ජනවාරි 24, 2017
    බලගතු ශ්‍රී ලංකාවක් ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත ගමනක් පියනගමින් සිටින වත්මන් රජය ජනතා අපේක්ෂාවන් යථාර්තවාදී ලෙස ඉටු කිරීමට බැදී සිටින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
     
    ජනතා සහන සහ රටේ ඉදිරි ආර්ථික දැක්ම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     
    ගත වූ දෙවසර තුළ බලගතු ශ්‍රී ලංකාවක පදනම රජය විසින් නිසැකවම ගොඩනගා ඇති බවද අදාළ නිවේදනයේ දැක් වේ.
     
    "දේශප්‍රේමිත්වය එකම ආයුධය කර ගනිමින් රුපියල් බිලියන නව දහසකට වැඩි ණය උගුලක රට සිර කළ ගෙවුණු රාජපක්‍ෂ දශකය තුළ දේශපාලන වාසි වෙනුවෙන් භෞතික සම්පත් ගොඩනැගීමේ තරගයක නිරත වුණා. අද වන විට රාජ්‍ය සම්පත්වල වටිනාකම පිළිබඳව වහසි බස් දොඩන විරුද්ධ මතධාරීන් ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, වරාය අධිකාරිය, විදුලි බල මණ්ඩලය වැනි අතීතයේ ශක්තිමත්ව තිබු රාජ්‍ය ව්‍යවසායන් රුපියල් බිලියන 1279ක ණය උගුලක සිර කර අවසන්" යැයි ද එහි සඳහන් වේ.
     
    "පසුගිය රජය සමයේ දී පොහොර සහනාධාර සඳහා බිලියන 20කට මදක් වැඩියෙනුයි නමුත් වත්මන් යහපාලනය තුළ එය දෙගුණයක් කරමින් බිලියන 50ක ප්‍රතිපාදන ගොවියා වෙනුවෙන් වෙන් කළා. සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් යහපාලන රජය මෑත ඉතිහාසයේ වැඩිම ප්‍රතිපාදන වෙන් කොට තිබෙනවා. 2017 වර්ෂයේ දී රජය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදනයෙන් 2.5% ට වැඩියි. ජාතියේ අනාගතය භාර ගන්නා අපේ දරුවන් වෙනුවෙන් පාසල් නිල ඇදුම් සහ පෙළපොත් සඳහා පමණක් බිලියන 07ක් රජය විසින් වැය කරනු ඇත.  වාමාංශික බලවේග විසින් දුප්පතා වෙනුවෙන් කිරුළු පැළදු බව කියන කටු ඔටුනු ලා ගත් ඇතැම් පාලකයන් සමෘධිය සඳහා වෙන්කර තිබෙන්නේ බිලියන 15ක්. නමුත් අපේ රජය රුපියල් බිලියන 44ක් සමෘධිලාභීන් වෙනුවෙන් වෙන් කර ඇති බව අයවැයෙන් රටටම ප්‍රකාශ කර අවසන්. අඩු අදායම්ලාභී ජනතාව වෙනුවෙන් වත්මන් රජය කෙටි කලක් තුළ ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2017 වසරේදී සෞඛ්‍ය වෙනුවෙන් රජය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2% කට අසන්න ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා."
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලගතු ශ්‍රී ලංකාවක් වෙත පිය නගන සැලසුම් සහගත වැඩපිළිවෙළ පසුගියදා ජාතිය හමුවේ ප්‍රකාශයට පත් කළ බවත් ඒ තුළින් පැහැදිලි කර ඇත්තේ  ජාත්‍යන්තරයත් සමඟ බද්ධ වූ සමබර සංවර්ධන පිළිවෙත බවත් නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.
     
    මධ්‍ය කාලින උපායමාර්ගික වැඩපිළිවෙළ තුළ රැකියා දසලක්ෂයක් බිහිකිරීම, අදායම් මට්ටම ඉහල නැංවීම, ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය, ඉඩම් අයිතිය ලබාදීම සහ ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහිකිරීම වෙනුවෙන් අප්‍රතිහත උත්සාහයෙන් අප ඉදිරියට ගමන් ගන්න බව ප්‍රකාශ කරන බවත් නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya