සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමෙන් ඔසුසල් හිමියන් මුහුණ දී ඇති ගැටලු විසඳනවා - සෞඛ්‍ය ඇමැති

    ජනවාරි 24, 2017

    අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් ඔසුසල් හිමියන් මුහුණ දී ඇති ගැටලු විසඳන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ගාල්ල දිස්ත්‍රික් ඖෂධ ව්‍යවසායකයින්ගේ සංගමයේ මහා සභා රැස්වීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උනවටුනේ දී පසුගියදා පැවැති අතර අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා දැක් වූ කැපවීම අගය කරමින් එම සංගමය විසින් උපහාර සම්මානයක් ද සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි.

     

    අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙළට ඔසුසල් හිමියන් විශාල දායකත්වයක් දැක් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා වෙළෙදසැලක භාණ්ඩ විකුණන ආකාරයට ඖෂධ අලෙවි කළ නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    සෑම කෙනෙකුටම මෙම ව්‍යාපාර  කිරීමට නොහැකි අතර සුළු වැරදීමක් වුවද එය ගැටලුවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා  මේ වන විට 55%ක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා බව ද සඳහන් කළේය.

     

    "දුම්පානය අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් රජය ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෑම පැයකටම දුම්පානයෙන් තිදෙනෙකු  මිය යනවා. රාජ්‍ය ආදායමෙන් වාර්ෂිකව බිලියන 72 ක් දුම්පානය නිසා රෝගාබාධවලට පත්වන අයට ප්‍රතිකාර කිරිමට වැය කරනවා. දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කිරිමට ද පියවර ගත්තා. ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට තිබුණු ආත්ම ශක්තිය ලොකයේ වෙනත් රටවල නායකයන්ට නැහැ. මමත් මෙම වැඩපිළිවෙළට දායකත්වය දැක්වූවා. එම නිසා "රාජිත සේනාරත්නත් වීරයෙක් නොවි ද” කියා වෙබි අඩවි වල පළ වී තිබුනා. දුම්කොළ බදු වැඩි කිරීම පිළිබඳව ලෝකය මවිතයට පත් වුවත් අපේ රටේ ඇතැම් පුද්ගලයින් ඊට අපහාස කරමින් සිටිනවා.”

     

    "අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කිරිම නිසා ඖෂධ සමාගම්වල දෛනික ක්‍රියාවලිය වෙනස් කිරිම සිදු වුනා. ඖෂධවල මිල අඩු කිරීමෙන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෙළඳ අලෙවිය සියයට 20 කින් වැඩි වී තිඛෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් ඔසුසල් හිමියන් අලාභයක් ලබන බව ප්‍රකාශ කරනවා. එම අලාභය ලාභයක් බවට පත් කිරීම සදහා ලැඛෙන වට්ටම් ප්‍රමාණ පිළිබද ගැටලුව විසඳීය යුතුයි. ඒ සදහා මම ඉදිරිපත් වෙනවා. මෙම වැඩපිළිවෙළට සහයෝගය ලබාදීම මනුෂ්‍යකමක්.”

     

    මෙම අවස්ථාවට දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. වීජේසුරිය මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා, ගාල්ල දිස්ත්‍රික් ඖෂධ ව්‍යවසායිකයින්ගේ සංගමයේ සභාපති පියල් අබේසිරි ගුණවර්ධන මහතා, සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya