සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්වයෙන් විශිෂ්ට ප‍්‍රතිඵල ගත් ගුවන් හමුදා සාමාජික සිසු දරු දැරියන් අගයයි

    ජනවාරි 23, 2017

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද 2016 වසරේ දී ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප‍්‍රතිඵල ලබාගත් ගුවන් හමුදා  සාමාජික සාමාජිකාවන්ගේ හා ගුවන් හමුදා  සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සිසු දරු දැරියන් ඇගයීමේ උත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන්  පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.


    මෙහිදී  ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170ට වැඩියෙන් ලබා විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන් අසූ දෙදෙනෙකු 82 සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මුදල් ආධාර ලබාදීම සිදු විය.

     

    මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩී. එල්. එස්. ඩයස්  ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ගුවන් හමුදාසේවා වනිතා ඒකකයේ සාමාජිකයින් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් සිවිල් සේවක මහත්වරුන් ඇතුළු දූ දරුවන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya