සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වයට බලපෑම්

    ජනවාරි 23, 2017

    දිවයින අවට පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වයට බලපෑම් ඇති කරන අතර මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ සහ දිවයිනට යාබද  මුහුදු ප්‍රදේශවල වැසි  සහ සුළං  තත්ත්වයේ  වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ බොහෝ පළාත්වල  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ නැගෙනහිර ප්‍රදේශවල ඉතා තද වැසි (මි.මී.150 පමණ) ද, සෙසු ප්‍රදේශවල තද වැසි ( මි.මී.100 පමණ) ද  බලාපොරොත්තු විය හැක.

     

    දිවයිනේ උතුරු අර්ධය හරහා විටින් විට හමන (පැ.කි.මී. 40-50ක පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya