සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නව නිලධාරීන් පත්වීම් ලබති

    ජනවාරි 23, 2017

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහා නව විමර්ශන නිලධාරීන් 62ක් බඳවාගෙන ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා අතින් පසුගියදා කොළඹ සතොස මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    විශ්‍රාම වැටුප් රැකියා සුරක්ෂිතතාවත් හේතුවෙන් බොහෝ දෙනෙකු රජයේ රැකියාවන් ලබා ගත්තද තමා වෙත පැවරෙන රාජකාරිය ඉටුකරන්නේ නැති බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

     

    මෙම නවක නිලධාරීන්ගේ අවංක සේවාවක් අපේක්ෂා කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය, ඒවායේ ප්‍රමිතිය පිළිබඳව නිතරම සොයා බලා කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

     

    "රැකියාව කරන අතරේ කොමිස්, පගාව ගන්නවානම් ඒක ලොකු වරදක්. ඒ විදියේ වැඩවලින් මහජනතාවට ද්‍රෝහීකම් කළොත් ඒකට මේ ආත්මයේ දී දඬුවමක් නොලැබුණොත් මරණයෙන් පසුව හෝ දඬුවම් ලැබෙනවා කියන එක තමයි මගේ විශ්වාස. කරුණාකර එවැනි වැරදි කරන්න එපා. ඒ වගේ කෙටි ක්‍රමවලින් සල්ලි හොයන ඇතැම් පිරිස් ඉන්නවා. ඒ සොයන සල්ලිවලින් තමන්ගේ පවුලට හරි දරුවන්ට හරි කන්න දුන්නට ඒක හරියන්නෙත් නැහැ."

     

    පාරිභෝගික අධිකාරියේ කාර්යයන් ක්‍රමවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාත් සහයෝගය දුන් බවත් එම සහයෝගය ලැබුණු නිසා මෙම උපාධිධාරීන් 62ක් බඳවාගන්න හැකි වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    මෙම ක්ෂේත්‍රයේ වැඩි පුහුණුවක් ලබා දී අවශ්‍ය දැනුම ලබාදීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්.ලොකුහෙට්ටි මහතා සඳහන් කළේය.

     

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඉතා විශාල වගකීමක් තිබෙන බවත් මෙම පත්වීම් ලබන මේ සියලු දෙනාට ඉතා පුළුල් කාර්යභාරයක් පැවරෙන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya