සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීම ගැන සෞඛ්‍ය ඇමැතිගේ අවධානයට

    දෙසැම්බර් 13, 2016

    වෛද්‍යවරුන්ගේ දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙළට අවශ්‍ය වාර්තා අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයට බාරදී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඒ අනුව වෛද්‍යවරුන්ගේ දරුවන් කිහිපදෙනෙකු මේ වනවිටත් පාසල් වලට ඇතුළත් කරගෙන ඇති බව අවධාරණය කර සිටින අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා පැවති සාකච්ඡාවක දී අනාවරණය වුයේ වෛද්‍යවරුන්ගේ දරුවන් 68 දෙනෙකු පළමු ශ්‍රේණියට මෙතෙක් ඇතුළත් කරගෙන නොමැති බවයි.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය මත පමණක් දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ අනුව 2017 වසර සඳහා වෛද්‍යවරුන්ගේ දරුවන් ඇතුළත් කරගැනීමේ ලේඛණය කඩිනමින් සකස් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමට දැනුම් දෙන ලදි.

     

    දැනට වසා දමා ඇති රෝහල් සියල්ලටම වෛද්‍යවරුන් අනුයුක්ත කළ යුතු බවත් ඉන් පසු ඒවා යළි විවෘත කර රෝගී සත්කාරක සේවා ආරම්භ කළ යුතු බවත් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් පිළිබඳ කළ සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා ඇතුලු වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya