සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැප්පෙටිපොල නිලමේ ඇතුළු 19 ක් ජාතික වීරයන් කළ ජනපතිට මහනුවරින් ප්‍ර‍ණාමය

    දෙසැම්බර් 12, 2016

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ප්‍ර‍කාශයට පත්කර තිබූ සිංහල වීරයන් 19 දෙනෙකු ජාතික වීරයන් බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැසට් පත්‍ර‍යක් නිකුත් කිරීම පිළිබඳව ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් සම්මේලනය ජනාධිපතිවරයාට ස්තුතිය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.

     

    ශ්‍රීලනිප මහනුවර දිස්ත්‍රික් සම්මේලනයේ සභාපති අමාත්‍ය එස්.බී .දිසානායක මහතා විසින් මේ බව ප්‍ර‍කාශ කළ අතර ඉංග්‍රීසීන් විසින් කැප්පෙටිපොල නිලමෙතුමන් ඇතුළු පිරිස දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබුණත් මහනුවර හා ශ්‍රීලංකා වාසී ජනතාව ඔවුන් කිසි විටක ද්‍රෝහීන් ලෙස නොසැළකූ බව පැවසූ දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම ගැටළුව විසඳන තුරු මෙතෙක් කාලයක් මෙම කාරණය නොවිසඳී තිබීම පිළිබඳවද සිය කණගාටුව පළ කළේය.

    අමාත්‍යවරයා මෙසේද ප්‍ර‍කාශ කළේය.

     

    1918 උඩරට කැරැල්ලට උඩරට පවුල් වල සියළු තරුණ තරුණියෝ සම්බන්ධ වුනා.ඉංග්‍රීසී ආණ්ඩුකාරයා එදා තම හමුදාවන්ට දුන්න උපදෙස් වුනේ අවු 18 ට වැඩි සියළු තරුණයෝ විනාශ කරන්නයි, ඒ වගේම කිරි එළහරක් විනාශ කරන්න, පළ දරන ගස්වැල් විනාශ කරන්න ,සියළු වෙල්යායන් ගිනි තියන්න, සියළු අටුකොටු ගිනි තියන්න ආණ්ඩුකාරයා උපදෙස් දුන්නා.කිසිම අවස්ථාවක ගැමියන්ට හා භික්ෂුන් වහන්සේලාට එකට ගැවසෙන්න ඉඩ දුන්නේ නෑ .ඒ වගේ ඉතා බරපතල විදිහට උඩරට කැරැල්ල ඉංග්‍රීසීන් මර්දනය කළා. උඩරට දරුවන් විශාල ප්‍ර‍මාණයක් ඒ කැරලි වලදී නැතිවෙලා ගියා.එදා නැතිවූ දේපොල, ජීවිත පිළිබඳ අදත් උඩරට ජනතාව කථා කරනවා.

     

    ඊට පස්සේ මුඩු ඉඩම් පනත හරහා උඩරට ජනතාවගේ පාරම්පරික නින්දගම්, පාරම්පරික ගොවිපල, හේන් භූමි,වාස භූමි, විශාල වශයෙන් ඉංග්‍රීසීන්ගේ වැවිලි කර්මාන්ත වලට බලෙන් අත්පත් කර ගත්තා.

     

    මිනිසුන්ගේ දේපොල විතරක් නොවෙයි රජවරු විසින් සන්නස් පත්‍ර‍වලින් විහාර දේවාල වලට පවරලා තිබ්බ ඉඩකඩම් පවා මේ අය පවර ගත්තා. ඒ වගේම වැව් අමුණු වැනි වාරි මාර්ග පවා මේ අය පවරගත්තා. මේ ගැන තාම උඩරට ජනතාව කථා කරනවා. අදත් සිංහල රජවරුන් ගෙන් ලැබුනු සන්නස් පත්‍ර‍ උඩරට සමහර පැරැණි සිංහල පවුල් වල තියෙනවා.

     

     නිදහසින් පස්සේ උඩරට ගැමි පුණරුත්ථාපන කොමිසන් සභාව පිහිටෙව්වෙත්, ඊට පස්සේ දි. මු. ජයරත්න අගමැතිතුමා විසින් උඩරට සංවර්ධන අධිකාරිය බිහි කළේත්, උඩරට ජනතාවට ඓතිහාසික වශයෙන් වෙලා තිබූ අසාධාරණකම් නැති කරන්නත්, උඩරට සංවර්ධනය සඳහා වැඩ කරන්නත් තමයි.

     

    පහුගිය ආණ්ඩුව කාලේ ඒ උඩරට සංවර්ධන අධිකාරිය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට ඇතුල් කළා. එදා සිට අද වෙන තුරු දිවිනැගුමට උඩරට සංවර්ධන සඳහා සතයක්වත් වෙන් වෙන්නේ නෑ. මේ ගැන අස්ගිරි මල්වතු නාහිමිවරු විශේෂ සංදේශයකින් ජනාධිපතිවරයාට කරුණු සැළ කළා. ඒ බව උන්වහන්සේලා අපට කරුණු කිව්වා.මේ පිළිබඳව ඉදිරියේදී ජනාධිපතිවරයා හා සාකච්ඡාවක් පවත්වන්න අප තීරණය කර තිබෙනවා.

     

    උඩරට ඉඩම් ගැටළුව විසඳන්න ජනාධිපතිවරයා මැදිහත් වුනා. ඔවුන්ගේ ඔප්පු දැන් පිළියෙල කරගෙන යනවා. උත්සවයක් තියලා අපි අසාධාරණයට ලක්වූ උඩරට ජනතාවට ඔප්පු දෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya