සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු වසංගත තත්ත්වයක් - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 30 ක සෞඛ්‍ය සේවක නිවාඩු අවලංගුයි

    දෙසැම්බර් 12, 2016

    කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මෙම වසංගත තත්ත්වය තුරන් කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අද (12) සිට අඛණ්ඩව ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් දියත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

    ඩෙංගු මර්දනය පිළිබද ප්‍රගති සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (10) රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය අවශ්‍ය පරිදි යොදා ගනිමින් මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය කරන ලදි. ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරචිචි මහතාට මෙහිදී දැනුම් දෙන ලදි.

     

    ඩෙංගු වසංගත තත්ත්වය අවසන් වන තුරු එම දිස්ත්‍රික්ක 10 තුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 30 ක සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු ද අවලංගු කරමින් සෞඛ්‍ය ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

     

    තව ද ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයට පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කිරීම පිළිබද ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණි. ඩෙංගු මදුරු පරීක්ෂා කිරීම සදහා නිවාස තුළට පරීක්ෂණ කණ්ඩායම් ඇතුළුවීමේ   දී නිවෙස් හිමියන්ගේ අවසරය ලබාගත යුතු බවට වූ නීතිය අහෝසි කිරීමට ද මෙහිදී තීරණය කෙරුනි. ඒ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා නීතිපතිවරයා සමග දුරකථනය ඔස්සේ සාකච්ඡා කරන ලදි.

    පාසල් පද්ධතිය තුළ පිරිසිදු කිරීෙමි කටයුතු ප්‍රමාණවත් පරිදි සිදු නොවන බැවන් එම පරිශ්‍ර පවිත්‍ර කිරිම විධිමත් කිරීම පිළිබදව විදුහල්පතිවරුන් දැනුවත් කිරිමට ද මෙහිදී තීරණය විය. හදිසි මදුරු මර්දන කටයුතු සදහා රුපියල් මිලියන 40 ක මුදලක් ජාතික ඩෙංගු මර්දන ඒකකයට නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට දැනුම් දෙන ලදි.
    2016 වසරේ මේ වනවිට ඩෙංගු රෝගී මරණ සංඛ්‍යාව 77 ක් වාර්තා වී ඇත.

     

    දෙසැම්බර් හා ජනවාරි මාසය තුල වැසි සහිත කාලගුණය සමග මදුරු ගහනය තවත් වැඩි වුවහොත් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවීමට ඉඩ ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya