අනෙකුත් පළාත් වල ස්ථාන කිහිපයක,විශේෂයෙන් සවස 02.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.