සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලික රෝහලක මිය ගිය රෝගියෙකු ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

    සැප්තැම්බර් 21, 2015
    පුද්ගලික රෝහලක මිය ගිය රෝගියෙකුගේ මෘත ශරීරය ඥාතීන්ට භාර නොදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කමිටුවක් පත් කරයි.
    පසු ගියදා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී මරණයට පත් වූ රෝගියෙකුගේ මෘත ශරීරය අදාළ බිල්පත්වල වටිනාකම ගෙවන තෙක් එම රෝගියාගේ ඥාතීන්ට බාර නොදීමේ සිදුවීමක් වාර්තා විය.
    මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙරේදා මෙම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. 
    මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා ඊට අදාළ වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කමිටුවට උපදෙස් දී ඇත.
    පුද්ගලික රෝහල් අංශයේ අධ්‍යක්ෂ, කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් හා බස්නාහිර පළාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙකුගෙන් එම කමිටුව සමන්විතය.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya