සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙරළ පවිත්‍ර කිරීමේ ජාතික උත්සවය ගාලුමුවදොර දී

    සැප්තැම්බර් 19, 2015

    අන්තර් ජාතික වෙරළ පවිත්‍ර කිරීමේ දිනය සැප්තැම්බර් 19 අද දිනට යෙදී තිබෙන අතර එය නිමිතිකොටගෙන පැවැත්වෙන සමාරම්භක ජාතික උත්සවය අද (19) උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ,ගාලුමුවදොර ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය.

    ජාත්‍යන්තර වෙරළ පවිත්‍ර කිරීමේ දිනය ලෝකයේ රටවල් රැසක් අද සිට ක්‍රියාත්මක කරයි. අද (19) ආරම්භ කෙරෙන වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන දින පහක් පුරා ක්‍රියාත්මක වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රංජිත් මීගස්වත්තේ මහතා පවසයි.


    ජනාධිපති ලේකම් කාර්යාලය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙම වැඩපිළිවෙල
    සංවිධානය කර තිබෙන අතර ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් මේ සඳහා දායකත්වය ලබා දී තිබේ.

     

    වෙරළ පවිත්‍ර කිරීමේ ජාතික උත්සවය සඳහා මහනගර හා බස්නාහිර නාගරික සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, බස්නාහිර පළාත් අමාත්‍ය ඉසුරු දේවප්‍රිය යන මහත්වරු ද ජනාධිපති ලේකම්, පී.බී.අබේකෝන් මහතා, ආරක්ෂක ලේකම් කරුණාසේන හේට්ටිආරච්චි මහතා, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රජයේ නිලධාරීහු රැසක් එක්ව සිටිය හ.

     

     

    a bea3

     

    bea4

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya