සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන ගහනය සියයට 32%ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක්

    සැප්තැම්බර් 19, 2015

    පරිසර සංරක්ෂණය පිළිබඳව 2016-2018 කාලය තුළ තුන් අවුරුදු ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මඟින් දැනට සියයට 29%ක්වන වන ගහනය සියයට 32%ක් දක්වා තවත් හෙක්ටයාර 6,000කින් ඉහළ නැංවීමට රජය ඉලක්ක කර තිබේ.


    ශ්‍රී ලංකාවේ වන ගහණය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශවකරුවන් විසින් දැනටමත් සිදු කරගෙන යනු ලබන රුක් රෝපණ වැඩසටහන්හි තිරසර බව සුරැකෙන පරිදි ඵලදයී අන්දමින් එකී කටයුතු සම්බන්ධීකරනය කිරීමද සිදු කරනු ලබයි.

     

    2015 ඔක්තෝඑබර් මාසය පුරා '' වන රෝපා'' නමින් ජාතික රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් එමඟින් වන වැස්ම වැඩිකිරීම, වන වියනෙහි ගුණාත්මක තත්වයන් ඉහළ නැංවීම,ශ්‍රී ලංකාව සතු ජෛව විවිධත්වය හා ස්වාභාවික පරිසර පද්ධතිය නිසි ලෙස සංරක්ෂණය කිරීම, මුඩු බිම් රුක් රෝපණයට යොදා ගැනීම සහ වාණිජ වන වගා ප්‍රවර්ධනය හා කළමනාකරණය පිණිස වන විවිධක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.


    මෙම වැඩසටහන 2015 ඔක්තෝබර් මාසයේ දී දිවයින පුරා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාවට නැංවෙයි. රජයේ සියලු ආයතනවල සහ පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතනයන්ගේඉ සක්‍රීය දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකකිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya