සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මතින් නිදහස් රටක්" දෙවන වැඩ සටහන ගාල්ලේදී

    සැප්තැම්බර් 18, 2015
     
    මරණිය දණ්ඩනය අපේ රට තුළ ක්‍රියාත්මක කිරීම සදහා ඉදිරි මාස කිහිපය තුළ පාර්ලි‍මේන්තුවේ කැමැත්ත විමසිමට තමා කටයුතු කරන බවත් ඒ සදහා පාර්ලිමේන්තුවේ කැමැත්ත ලැබුනහොත්ලබන වසරේ සිට මේ රටේ මරණිය දණ්ඩනය තමා විසින් ක්‍රියාත්මක කරන්නේ යයි ද  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසිය.
    මතින් නිදහස් රටක්  වැඩ සටහනේ දෙවන වැඩ සටහන  ආරම්භ කිරිම නිමිත්තෙන් ගාල්ල නගර ශාලාවේ පැවැති උත්සවයේදී ජනාධිපතිතුමන්මේ බව අනාවරණය කළේය.
     
    පසුගිය දිනවල මේ රටේ සිදු වු ඉතා අනුවේදනීය  සිද්ධින් නිසා දැඩි කම්පනයට පත් වූ බොහෝ පිරිස් මේ පිළිබඳව තමන්ගෙන් ඉල්ලා සිටි බවද ජනාධිපතිතුමන් මෙහිදී පැවසීය.
     
    මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා සක්‍රීය දායකත්වය ලබා දුන් පොලිස් නිලධාරීන්, පාසල් දුදරුවන්, මාධ්‍යවේදීන් වෙත ඇගයීමේ සහතිකපත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමන් අතින් මෙහිදී සිදු විය.
     
    මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු  ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ,  ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය සහ නියෝජ්‍ය මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන්විජේලාල් මහතා ඇතුළුව පලාත් සභා නියෝජිතයින් රැසක් මේ සඳහා සහභාගී වී සිටිය හ.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya