සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෙංගමාල රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ගත හැකි රෝග නිවාරණ වැඩපිළිවෙල මේවන විටත් ක‍්‍රියාත්මකයි

    සැප්තැම්බර් 19, 2015

    සෙංගමාල රෝග තත්ත්වය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ගත හැකි රෝග නිවාරණ වැඩපිළිවෙලක් මේවන විටත් ක‍්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී මහීපාල මහතා ප්‍රකාශ කරයි.

    මොණරාගල-සියඹලාණ්ඩුවේ මේවනවිට සෙංගමාල රෝගය ව්‍යාප්තවීමේ අවදානම් තත්තවයක් පවතිනු ලබයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් මොණරාගල දිස්ත‍්‍රික් සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් දැනුවත් කර ඇත.

     

    ඒ අනුව, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී. ජී.මහීපාල මහතා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මොණරාගල දිස්ත‍්‍රික්කයේ සෙංගමාලය ව්‍යාප්තවී ඇති ප‍්‍රදේශය කරා යැවීමට කටයුතු කර තිබේ.

     

    සෙංගමාලය යනු අපවිත‍්‍ර ආහාර හා ජලය මඟින් ව්‍යාප්තවන රෝග තත්ත්වයකි. ඒ නිසා මේ රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා පෞද්ගලික ස්වස්ථතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

     

    මෙම රෝග තත්ත්වය ව්‍යාප්තවීම පාලනය කර ගැනීම සඳහා හොඳින් උතුරුවා නිවාගත් ජලය පානය කරන ලෙසත් , හොඳින් පිසූ නිවසේ සකස් කර ගන්නා ලද ආහාර පරිභෝජනය කරන ලෙස හා දිනකට කිහිපවතාවක් දෑත් සබන් හෝ විෂබීජ නාශකයක් යොදා පිරිසිදු කර ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. තවද, කොළ වර්ග හා එළවළු සළාද වැනි අමුවෙන් ගනු ලබන ආහාර පරිභෝජනය කිරීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

     

    මෙම රෝග තත්ත්වය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ගත හැකි රෝග නිවාරණ වැඩපිළිවෙලක් මේවන විටත් ක‍්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී මහීපාල මහතා වැඩිදුරටත් දන්වා සිටියි.

    cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya