සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි ව්‍යාපාරය සම්බන්ධ වූ ආර්ථිකය නඟාසිටුවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා

    සැප්තැම්බර් 19, 2015

     

    මහවැලි ව්‍යාපාරය සමඟ සම්බන්ධ වූ ආර්ථිකය නඟාසිටුවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

    මහවැලි ව්‍යාපාරය මේ රටේ තිබෙන දවැන්ත ව්‍යාපාරයක්. මහවැලි ව්‍යාපාරය සමඟ රටේ විශාල සංවර්ධනයක් සිදු වුණා. අද ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් මහවැලිය සමඟ ක්‍රියාත්මක කරන්න,එයයි අප සියලු දෙනාට අවශ්‍ය වන කාරණය වන්නේ.

     

    පරිසරය කියන සංකල්පය අමතක කරලා, යම් වැඩක් ක්‍රියාත්මක කරන්නට ගියොත් එය පහැදිළිවම කඩාගෙන වැටෙනවා. පරිසරය සමඟ එකතුව කටයුතු කළොත් එය ආර්ථික වශයෙන් වේවා,රටේ දියුණුව සඳහා දිගු කාලීන වැඩපිළිවෙලක් හැටියට ක්‍රියාත්මක කරන්නට අපිට හැකියාව ලැබෙනවා.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා සිය නියෝජ්‍ය අමාත්‍යධූරයේ රාජකාරී අරම්භ කරමින් පසු මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya