මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනයට අයවැයෙන් 6%ක ඉලක්කය තෙක් ඉහළට

    සැප්තැම්බර් 07, 2015

    අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කරන ප‍්‍රතිශතය පියවරෙන් පියවර 6%ක ඉලක්කය තෙක් ඉහළ නැංවීම අප රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    හොරකම්, කොමිස් ගැහිලි, අනවශ්‍ය වියදම් ආදී සියල්ල නතර කර නිසියාකාරව එම මුදල් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම තම අපේක්ෂාව අද (07) පෙරවරු 10.03 ට යෙදුණු සුබ මොහොතින් සිය අභිනව අධ්‍යාපන අමාත්‍යධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී පැවති විශේෂ හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා පැවසීය.

    පරිගණක තාක්ෂණය දියුණු කිරීම අනාගත රැකියා වෙළඳපොළට ගැළපෙන පරිදි අධ්‍යාපන පද්ධතිය සකස් කිරීම, විශේෂයෙන් ම නව තාක්ෂණය පදනම් කරගනිමින් පාසල් විෂය නිර්දේශය අලුතින් සකස් කිරීම යනාදී පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කරන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ දී පවත්නා අර්බුදය තුරන් කිරීම වෙනුවෙන් ළඟම පාසල හොඳම පාසල බවට පත්කිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම, අවශ්‍යතා අනුව ගුරුවරුන් පුහුණු කිරීම, විදුහල්පතිවරුන් පුහුණු කිරීම ඇතුළු අධ්‍යාපන ක‍්‍රියාමාර්ග වෙනුවෙන් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    දශකයටත් වැඩි කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව තුළ විවාද කරමින් කරුණු අධ්‍යයනය කළ විෂයෙහි ම කැබිනට් අමාත්‍ය ධූරය තමන් වෙත ලැබීම ගැන නිහතමානීව සතුටු වන බවත්, රටේ අනාගතය පිළිබඳ තීන්දු තීරණ ගන්නා වඩාත් වගකිම් සහගත අමාත්‍යාංශය තමන්ට ලැබී ඇති මේ මොහොතේ ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ අදහස්, යෝජනා සහ සද් පරමාර්ථයෙන් කරන විවේචන සියල්ලම තමන් භාරගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, විභාග කොමසාරිස් ජනරාල්, අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස්, අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya