මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා ගැටලු හඳුනාගෙන කටයුතු කරනවා - ස්වදේශ කටයුතු ඇමැති

    සැප්තැම්බර් 07, 2015
    ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඉදිරියේදී කටයුතු කිරීමට සිදු වන බවත් ගමේ ප්‍රශ්න හඳුනාගේ විසඳුම් ලබා දිය යුතු බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එම අමාත්‍යාංශයේදී අද (07) වැඩභාර ගත් අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
    අමාත්‍යාංශයක පවතින යාන්ත්‍රණය වෙනස් කරමින් වැඩි දියුණු කිරීමට අමාත්‍යවරයෙකු අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපති හා අගමැති හිතන ලෙස යහපාලනය තුළ මේ රටේ ජනතා ප්‍රශ්නවලට අලුත් දෙයක් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
    දේශාපාලනය හා රාජ්‍ය යාන්ත්‍රණය දෙකක් නොවන බවත් දේශපාලන ප්‍රතිපත්ති රටේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නැංවීම නිලධාරීන් මඟින් සිදු වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
    සමස්ත රාජ්‍ය සේකයින් ආරක්ෂා කරමින් රාජ්‍ය උත්සවලට එහා ගිය ඉලක්කයක් ස්වදේශ කටයුතු අමාත්‍යංශය මඟින් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහතා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya