සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයෙහි සිය පළමු නිල සංචාරයේ නිරත වෙයි

    සැප්තැම්බර් 07, 2015

    විසිවන නාවික හමුදාධිපති ලෙස පත් වීමෙන් පසු වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ත්‍රිකුණාමළය මූලස්ථානය කොටගත් නැගෙනහිර නාවික විධානයේ සිය ප්‍රථම නිල චාරිකා වාරයෙහි නිරත විය. එම විධානයේ මෙහෙයුම් හා පරිපාලන ක්‍රියාවලිය මෙන්ම විධානය තුළ සිදුවෙමින් පවතින ඉදිකිරීම් කටයුතු පරීක්ෂා කිරීමේ අරමුණින් පසුගිය 04, 05 සහ 06 යන දිනයන්හි මෙම චාරිකාව සිදුකෙරුණු අතර, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහ විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද ඒ සඳහා එක්විය.

    තෙදින නිල සංචාරය අතරතුර නාවික හමුදාධිපතිතුමා වාකරේ පිහිටි ශ්‍රීලංනානෞ කාශ්‍යප, ලංකාපටුන පිහිටි ශ්‍රීලංනානෞ ලංකාපටුන, සාම්පූර් හි පිහිටි ශ්‍රීලංනානෞ විදුර සහ පැරකුම්බා, ‍කින්නියා හි පිහිටි ශ්‍රීලංනානෞ ගෝකණ්න, ත්‍රිකුණාමළය පිහිටි ශ්‍රීලංනානෞ මහවැලි මුලතිව් හි පිහිටි ශ්‍රීලංනානෞ ගෝඨාභය, පුල්මුඩේ පිහිටි ශ්‍රීලංනානෞ රන්වැලි, තිරියාය පිහිටි ශ්‍රීලංනානෞ වළගම්බා, නිලාවේලි පිහිටි ශ්‍රීලංනානෞ විජයබා යන ආයතනවල සහ ත්‍රිකුණාමළයෙහි පිහිටි නාවික තඨාකාංගණයෙහි ද සංචාරය කළේය.

     

    එක් එක් ආයතනයේ අණදෙන නිලධාරීන් හා සාකච්ඡා කළ එතුමා ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම හා ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම වෙනුවෙන් නාවිකයන් විසින් කරනු ලබන මෙහෙය ඔවුන් ඇමතීමේදී අගය කිරීමට ලක් කළේය. තවද නව සාම්පූර් කඳවුර ඉදිකිරීමෙහි මෙන්ම නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉදිකිරීම් වල නිරත නිලධාරින් හා නාවිකයන් ඇමතූ එතුමා, ඉන් අනතුරුව නෞකා හා යාත්‍රාවල සේවය කරන නාවිකයින් ‍සඳහා ඉදිකිරීමට යෝජිත නිවස්නය හා පරිපාලන ගොඩනැගිලි භුමිය ද නිරීක්ෂණය කළේය.

     

    නාවික තටාකාංගණයේදී නාවිකයන් 48 දෙනෙකුගෙන් සැදුම්ලත් නාවික වර්ණයන්ගෙන් සමන්විත සම්මාන ආචාර මුරය පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා විසින් නාවික හා සාගරික විද්‍යාපීඨ සරඹ පිටියේදී විවිධ ආයතන නියෝජනය කරන නාවිකයන් රාශියක් අමතනු ලැබූ අතර, නිලධාරී නිවස්නයේදී නිලධාරීන් ද අමතනු ලැබීය. එහිදී එතුමා ආරක්ෂක හා රාජ්‍ය අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා නාවික හමුදාව සතු වගකීම සහ විනයගරුක ආරක්ෂක හමුදාවක් වශයෙන් එම වගකීම ඉටුකළ යුතු ආකාරය ගැන ද විස්තර කළේය. තවද, වාර්ෂික පුහුණු කඳවුරට සහභාගීවීම සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත පැමිණ සිටි දහසක පමණ පාසල් ශිෂ්‍ය භටයින් හට නාවික හමුදාධිපතිතුමන් හමුවීමේ අවස්ථාව ද ලැබිණි.

     

    මෙම චාරිකාවාරය අතරතුර නාවික හමුදාධිපතිතුමන් තඹලගමුව ප්‍රදේශයේ නාවික කෘෂි හා සත්ව ගොවිපල භුමියේ පිහිටි අලුතින් ඉදිකරන ලද නව නිලධාරී නිවාඩු නිකේතනය විවෘත කළ අතර, ඉන් අනතුරුව ගොවිපලේ ඇති කෘෂිකාර්මික නිෂ්පාදන වල ප්‍රගතිය ද නිරීක්ෂණය කළේය. එහිදී ගොවිපලේ නිෂ්පාදන කරන ලද “මඩතවාළු” වර්ගයේ සහල් පැකට්ටුවක් සංකේතාත්මකව නාවික හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී. තවද ලංකාපටුන ආයතනයේ නාවිකයන්ගේ ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඉදිකෙරුනු නළ ළිඳක්ද එතුමා විසින් විවෘත කරන ලදී.

     

    නිල චාරිකාවේ අවසන් භාගයේදී නෞකා වලට පිවිසි නාවික හමුදාධිපතිතුමා නෞකා වල ක්‍රියාකාරිත්වය මෙන්ම මෙහෙයුම් සුදානම් බව සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හා අවශ්‍යතා ගැනද සිය අවධානය යොමු කළේය. නාවික හමුදාධිපතිතුමන් සිය නිල චාරිකාවාරයේ අවසානය සනිටුහන් කරමින්, එතුමන් විසින් ආරමිභ කරන ලද සහ එතුමන්ගේ නායකත්වය යටතේ ජයග්‍රහණ රැසක් අත්කරදුන් නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළඝන‍ මූලස්ථානය තම නිරීක්ෂණයට ලක් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya