සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දයා ගමගේ මහතා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යධුරයේ දිවුරු දෙයි

    සැප්තැම්බර් 05, 2015

    එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේ ය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ඊයේ (4) මධ්‍යහනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඒ මහතා මෙලෙස දිවුරුම් දුන්නේ ය.

     

    1960 සැප්තැම්බර් 15 වැනිදා උපන් දයා ධර්මරත්න කිලිට්ටුව ගමගේ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. දශක හතරක පමණ ව්‍යාපාරික අත්දැකීම් ඇති එතුමා දයා සමූහ ව්‍යාපාරය ඇතුළු කීර්තිමත් ව්‍යාපාර ගණනාවකම නිර්මාතෘවරයා යි.

     

    2008 වර්ෂයේ දී නැගෙනහිර පළාත් සභාවට තරග කරමින් එහි විපක්ෂ නායක ධුරයට පත් වූ එතුමා 2011 දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස තේරී පත් විය.

     

    වර්ෂ 2012 දී යළිත් වරක් නැගෙනහිර පළාත් සභාවට තේරී පත් වූ දයා ගමගේ මහතා මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඉදිරිපත් වූයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායකයා ද ලෙසිණි.

     

    එම මැතිවරණයේ දී මනාප ඡන්ද 70,201ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත් වූයේ දයා ගමගේ මහතා ය.

    ඒ මහතා පසුගිය සැප්තැම්බර් 1 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේ ය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අනෝමා ගමගේ මැතිණියගේ ආදරණීය ස්වාමි පුරුෂයා ද වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya