සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ මාසයේ දී නීති විද්‍යාල විභාගය ඇතුළු තවත් විභාග 08ක්

    සැප්තැම්බර් 06, 2015
    ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍ර වේශ විභාගය ඇතුළු තවත් ආයතන 07කට අයත් විභාගයන් මේ මාසයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    ඒ අනුව,
    රාජ්‍ය කළමනාකරණ සේවයේ Iවැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (I) 2015 විභාගය සැප්තැම්බර් 12දා තෝරාගත් නගරවලදී පමණක් පැවැත්වේ. ඒ සඳහා අයදුම්කරුවන් 4732ක් සහභාගිවීමට නියමිතය.
     
    ශ්‍රී ලංකා පොලිස් සේවයේ පරිවාස/ වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරුන්/වරියන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සහ දෙවන භාෂාව පිළිබඳ පරීක්ෂණය - 2015 (I) විභාගය සැප්තැම්ර් 13දා කොළඹ දී පමණක් පැවැත්වේ.
     
    IIIශ්‍රේණියේ රේගු නියාමකවරුන් සඳහා පැවැත්වෙන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (II) 2015 විභාගය සැපැත්ම්බර් 13දා කොළඹ දී පමණක් පැවැත්වේ.
     
    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ IIIවැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2011 (II) 2015 සැප්තැම්බර් 19දා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථානයන් හි දී පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 7286ක් සහභාගිවීමට නියමිතය.
     
    II ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය ( පැරණි නිර්දේශය) - 2015 (I) විභාගය සැප්තැම්බර් 19දා කොළඹ දී පමණක් පැවැත්වේ.
     
    විගණන පරීක්ෂක සේවයේ II වැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2015 සැප්තැම්බර් 19 සහ 20 දිනවලදී කොළඹ දී පමණක් පැවැත්වේ.
     
    IIශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය (පැරණි නිර්දේශය) - 2015 (I) විභාගය සැප්තැම්බර් 20දා කොළඹ දී පමණක් පැවැත්වේ.
     
    ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2016 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා පවත්වනු ලබන තරග විභාගය - 2015 (සැප්තැම්බර්) සැප්තැම්බර් 26දා කොළඹ දී පමණක් පැවැත්වේ. ඒ සඳහා අයදුම්කරුවන් 4720ක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya