සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගෝස්තු මාසයේ පාරිභෝගික මිල දර්ශකය උද්ධමන අනුපාතිකය පහළ වැටේ

    සැප්තැම්බර් 01, 2015

    2015 අගෝස්තු මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPl) 181.9 බව අද (31) නිවේදනයක් නිකුත් කරමින් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙය පසුගිය මාසයේ පෙන්වන ලද උද්ධමන අනුපාතිකය 182.8 දර්ශකය හා සසඳා බලන විට 0.9ක දර්ශක ලක්ෂ්‍යයක හා සියයට 0.52ක ප්‍රතිශතයක උද්ධමන අනුපාතිකය පහළ වැටීමක් පෙන්නුම් කිරීමකි.

    මෙම වෙනස් වීම සිදු වී ඇත්තේ ආර්ථික රටාව තුළ ආහාර ද්‍රව්‍යවල මිල සියයට 0.71කින් අඩු වීමත් ආහාර නොවන භාණ්ඩවල මිල සියයට 0.19කින් ඉහළ යාමත් හේතු කොට ගෙන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව එම නිවේදනයේ සඳහන් කර ඇත.

     

    1995 මාර්තු මාසයෙන් පසු 2015 ජූලි මාසයේ මෙන්ම දෙවන වරටත් 2015 අගෝස්තුවල දී ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 0.2ක අවධමනයක් පෙන්නුම් කර ඇත. මෙම පහළ වැටීමට ප්‍රධාන දායකත්වයක් සපයන්නේ ප්‍රධාන වශයෙන් ආහාර නොවන භාණ්ඩවල මිල අඩු වීම ය. මෙය ප්‍රධාන වශයෙන් විදුලිය හා වතුර බිල්පත්, එල්.පී. ගෑස් සහ භූමිතෙල්, පෙට්‍රල් සහ ඩීසල් වල මිල පහළ දැමීම හේතුවෙන් සිදු වී ඇත.

     

    අගෝස්තු 2015 මාසයේ වෙනස්වන සාමාන්‍ය උද්ධමන අනුපාතය පසුගිය මස සියයට 1.3 සිට සියයට 1.0 දක්වා අඩු වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya